13

55 12 0
                                    

2015.04.30

Tae pov.

දැන් තමා මම ජීවිතේ විදිනවා කියලා තේරෙන්නෙ.. අසම්පූර්නයි වගේ තිබ්බ සිතුවිල්ල දැන් කොහෙ ගිහින්ද නෑ.. ඒ ඔක්කම ඉතින් ජන්කුක්  නිසා තමා.. දැන්නම් ඉතින් නොදැක බෑ.. ඒ නිසාම ඔම්මටත් නෝට් තියෙනවා ලියාගන්න කියලා බාගෙට බොරුවකුත් කෙලලා ආවෙ හිත යටින් ඒකට පසුතැවෙද්දි.. ඔය ඔක්කම ඉතින් ජන්කුක් නිසා තමා.. අද එයාටවත් නොකිය ආවෙ එයාව සප්‍රයිස් කරන්න.. මම ජිමින්ට කලින් කෝල් එකක් දාලා කියලා තිබ්බෙ මම එහෙ එනවා කියලා.. කියපු විදිහට මම ට්‍රෙයින් එකෙන් බැහැලා බෑග් එකත් එල්ලගෙන ජිමින්ලෑ දිහා ගියේ හරිම සතුටින්.. මම ජිමින් ලෑ ගේ ගාවට ගිහින් දොරට තට්ටු කරේ මැදි වියේ කාන්තාවක් ඇවිත් දොර අරිද්දි.. බැලු බැල්මටම ඒ ජිමින්ගෙ අම්මගෙන් කියන්න පුලුව්න් එයාගෙ හිනාවෙන ඇස් දෙකෙන්ම..

'ආ.. මේ ටේ පුතා වෙන්න ඕනෙ.. මට ජිමින් කිව්වා එනවා කියලා.. එන්න ඇතුලට.. ජිමින් උඩ.. යන්න එයාගෙ තව යාලුවො දෙන්නෙකුත් ඇවිල්ලා ඉන්නෙ..'

මම එයාටත් හිනා වෙලා කල්පනා කරේ කව්ද ආව දෙන්න කියලා.. ජින් හ්‍යූනුයි ජූන් හ්‍යූනුයි වෙන්න ඇති සමහර විට.. මම එහෙම හිතලා කියපු විදිහට ගිහින් ජිමින්ගෙ කාමරේට් තට්ටු කරලා ඇතුලට ගියා..

'සප්‍රායීස්..'

'ජන්කුක්'

මම එහෙම කියාගෙන දුවගෙන ගිහින් එයාව බදා ගත්තෙ මුකුත්ම නොකියා එයත් මාව බදාගනිද්දි.. හම්මෝ දැනෙන සනීපේ.. ඒ සුවද විදින්න නේද මෙච්චර වෙලා මැරෙන්න හැදුවෙ.. දැන් හරිනෙ විද ගනින් හොදට.. මම එහෙම හිතලා තව තව එයාව තදට බදා ගත්තේ එයත් මට මුකුත්ම නොකියා මගෙ ඔලුව ඉබිද්දි..

'අහ්ම්.. අහ්ම්...'

ඒත් එක්කම මම එක පරටම ඈත් වුනේ සුගා හ්‍යූන් කහිද්දි..

'ඇති නේ.. අපිත් මෙතන ඉන්නවා..'

ජිමින් අපි දිහා හිනා වෙලා බලාගෙන ඉද්දි සුගා හ්‍යූන් එහම කියලා අපහු ෆෝන් එකට එබුනෙ ජිමින් දිහත් එක පාරක් බලලා.. ටිකකින් මායි ජන්කුකුයි එලියෙ බැල්කනියට ගියේ තනියෙම කතා කරන්න හිතාගෙන.. මොකද දවසම බිසී කියපු මනුස්සයට එක පාරටම ෆ්‍රී වුනේ කොහමද අහ ගන්න..

He( Taekook )Where stories live. Discover now