4️⃣6️⃣ Chapter 👅💥

1.5K 372 81
                                    

𝗠𝘆 𝗕𝗼𝘀𝘀𝘆 𝗛𝘂𝘀𝗯𝗮𝗻𝗱 🧑🏻‍✈️🔞⚠️


4️⃣6️⃣ Chapter 👅💥





මතක ලන්තෑරුම් අදුර මැද
ඔබේ හුස්මක සුවද දැනුණා
අහම්බෙන් වට මුරුගසන් වැහි
මැද්දේ මම තනියෙන්ම තෙමුණා

කියන්නම මග බලාගෙන උන්
වචන අමතක වෙලා රිදුණා
දැනුනේ නැතුවට මගෙ කදුලින්
කමිස උරහිස තෙමී තිබුණා


කියන්නම ගිය වචන අමතක
උනත් මගෙ හදවතට දැනුණා
නොදැනුනා වාගේම උන්නට
සුදු කමිස උරහිසට රිදුණා



දවස් දෙකකට පස්සෙ... මම බීජිං එයාර්පෝර්ට් එකේ ඈත සීමාවට වෙලා බලාගෙන හිටියා.. ඔයා වෙලාව කිව්ව නිසා අඩුගානෙ ඔයා නැතත් ඒ ෆ්ලයිට් එකවත් මට දකින්න හම්බුනා. ඔයාවත් ගත්ත ෆ්ලයිට් එක අහසට නග්ගද්දි කොහෙන්දෝ කඩාගෙන වැටුන වැස්සකට පාර අයිනේ හිටපු මාව තෙමෙන්න ගත්තා..



ආයෙ අවුරුද්දක් යනකන් දකින්න නෑ කියන සිතුවිල්ල එක්ක මං අදුරු උන අහසේ නොපෙනී ගිය ෆ්ලයිට් එක දිහා බලාගෙන ඉද්දි වැස්සයි මගෙ කදුලුයි වෙන් කරන්න බැරි තරමට උරහිස් තෙත් වෙලාම ගියා..



මට කියාගන්න බැරි වුන වචන තුනක් තිබ්බා.. ඔයාගෙන් මුකුත්ම හැගීමක් නැති තැන ඒ වචන මගෙන් පිටවුනේ නැතත් මගෙ හදවත ඔයා නමින් හැමදාම ගැහේවි... මේ ආත්මෙ වගේම හැම ආත්මෙකදිම... ඉතින් මගෙ සුදු මහත්තයා... එහෙනම්.... පරිස්සමින් ගිහින් එන්න....



වැස්සයි කදුලුයි වෙන් කරලා දාන්න බැරි තැන වාහනේක හෝර්න් සද්දෙකට එයාගෙ සිහියෙන් මේ ලෝකෙට ආව මං තෙත බරිත වෙලා ගිය ඇදුමෙන්ම කාර් එකට නැග්ගා....






**************************







අවුරුදු තුනක් ඉවසන් හිටපු මනුස්සයෙක්ට අවුරුද්දක් මොකක්ද කියලා හිතෙයි.. නෑ ඒත් එදා වගේම අද අතර ලොකු වෙනසක් තියනවා. එදා උබට හිතින් ආදරේ කරේ මහ හුගක් කල් ඇහැට දකින්නේ නැතුව.. ඒත් අද මං උබව දැක දැක මගෙ අත් අතෑරලා යන්න දුන්නා වගේ..



ෆෝන්.. ෆෝන් වල බැදීම තියෙනවා නෙහ් කියලා හිතෙන්න පුළුවන්.. ඒත් එයා ගියේ ටුවර් එකක් නෙවේ.. චීන ගුවන් හමුදා හෙලිකොප්ටර් බලකායේ ගුවන් නියමුවෙක් උන එයාට ගෙවන්න තිබ්බේ ලොකු දුෂ්කර කාලයක්.. ඇගට වගේම මොලේ වෙහෙසුවත් මොලේ වෙහෙසපු කාලේ ගෙවිලා ගිහින් තනිකර ප්‍රැක්ටිකල් කාලයක්...




𝗠𝘆 𝗕𝗼𝘀𝘀𝘆 𝗛𝘂𝘀𝗯𝗮𝗻𝗱 🧑🏻‍✈️🚁   ✔️Where stories live. Discover now