3️⃣ Chapter 👅💥

2.2K 410 84
                                    

𝗠𝘆 𝗕𝗼𝘀𝘀𝘆 𝗛𝘂𝘀𝗯𝗮𝗻𝗱 🧑🏻‍✈️🔞⚠️


3️⃣ Chapter 👅💥


ගෙදර යද්දී මගෙ මෝඩ දිදී ඩයිලන් නම් කකුල් දෙක උඩ තියාගෙන කෑම කන ගමන් හිටියා tv එකත් දාගෙන... ඒකාගෙ ඔලුවටත් ගහගෙන මං උඩ තට්ටුවේ පඩිපෙල නගින්න ගත්තේ නැනී මටත් කෑම කාලාම යන්න කියලා කෑගහද්දී....

ඒත් මට අද බඩගින්නකුත් නෑ වගේ... බාත්රූම් එකට රිංගලා ෂවර් එක යට තෙමෙද්දී මට මතක් උනේ අර කලු බෝල ඇස් දෙක... බිත්තියට හේත්තු කරන් මං ඒ මූණ දිහා බලාගෙන ඉද්දී ඒ ඇස් ලොකු කරන් බලන් හිටියේ හොල්මනක් දැක්කා වගේ....

බාත්රූම් එකේ mirror එක දිහා බලාගෙන මං මගෙ යටිතොල අතගාගත්තේ මං ඒ රෝස තොල් පෙති තෙත් කරපු හැටි මතක් වෙද්දී... ඇත්තටම මේ මගෙ පලවෙනි කිස් එක... කිස් කරන්න මට මේ වෙනකන් කවුරුත් ඉදලා නෑ.. මං අර මෝඩයෝ දෙන්නා එක්ක මගෝඩි වැඩ කර කර හිටියා මිසක් කාත් එක්ක වත් එෆෙයාර්ස් ඇති කරගන්න හිතලා නෑ...

" රසයි..... "

ඒ තොල් සිපගත්තේ හරිම ටික කාලයක් උනත් මගෙ හිතේ ඒක තදින්ම ඇදිලා ගිහින් තිබ්බා.. සමහරවිට ඒ මගෙ පලමු හාදුව නිසා වෙන්න ඇති... ඒකත් ඒ පැය ගානකට කලින් දැක්ක කොල්ලෙක්ට...

" ආයිශ් !! මොන බූරුවෙක් ද? "

Mirror එකට වතුර පාරකුත් ගහලා මං නිරුවතින්ම බාත්රූම් එකෙන් එලියට ආවේ Bathrobe එකවත් අදින්නේ නැතුව... ටවල් එකෙන් ඇග පිහ පිහ ඇවිත් එහෙමම ජනේලය ගාව හිටගත්තේ අපේ ගෙදරට ගෙවල් තුනකට එහායින් තිබ්බ ගෙදර උඩ තට්ටුවේ කාමරයක බැල්කනි එකක් මගෙ කාමරේ ජනේලයට හොදට පෙනෙද්දී.....

ටික වෙලාවක් ඒ දිහා බලාගෙන හිටපු මම ඇදුමක් දාගෙන පහලට යන්න පඩිපෙල බහිද්දී මට කාලෙකින් ඇහෙන කටහඩක් ඇහුනා... මං හදිස්සියට බැහැලා දුවගෙන යද්දී ඔව්ව් එයා හිටියා ඩයිලන් ගාව වාඩිවෙලා ඒකාගෙ ඔලුව අතගාන ගමන්......

"මමා !! "

මං දුවගෙන ගිහින් ඒ උරහිසේ ඔලුව තියද්දී මමා හිනාවක් දාලා මගෙ ඔලුව අතගෑවා... පොඩි එකා නම් ඒකටත් මට දාගෙන රවනවා... එයා හිතන් ඉන්නේ මගෙ මමා එයාට අයිති දේපලක් කියලා...

𝗠𝘆 𝗕𝗼𝘀𝘀𝘆 𝗛𝘂𝘀𝗯𝗮𝗻𝗱 🧑🏻‍✈️🚁   ✔️Dove le storie prendono vita. Scoprilo ora