ප්‍රංශ පෙම්වතා - 01 කොටස

Start from the beginning
                                    

"පිස්සුද බන්. තව ටිකකින් මම ඕෆ් වෙනවා. මට බෑ.! "

ටෙරන් මගේ කොන්ඩේ අවුල් කරලා දාලා දිව්වා. ජිවිතේ ඇත්තටම පුදුමාකාරයි. ලංකාවේ දුම්බර මිටියාවතට මායිම පිහිටි පොඩි ගමක මම ඉපදුනේ. ඉතින් ඒ වගේ දුශ්කර ගමක ඉපදුන මම ඒ දවස් වල කාටහරි කිව්වා නම් අනාගතේ දවසක මට මෙහෙම ප්‍රංශයේ ලස්සන පොඩි නගරයක ගෙවන ජිවිතයක් හම්බ වෙයි කියලා ඌ කියයි ඕක නම් හිනයක් තමයි කියලා. කියල නිකම් ඉන්න එකක් නෑ අහවල් තැනිනුත් හිනා වෙයි. ඒත් අපි දකින, අපි පතන හීන සබෑ නොවුනත් අපි කවදාවත් නොදැකපු හීන හැබෑවෙලා නැද්ද? ඇත්තට මගේ, උඹලාගේ ජිවිත වලත් ඇති ඒ වගේ හැබෑවුන වගේම නොවුන හීන කදු ගනන්. ඒ වගේ තමයි මගේ ජිවිතෙත්. එත් මොන මොන හීන මට නැති වුනත් පැදුරක් බිම දාගත්තත් සනිපෙට හොදට නින්ද යන නිරවුල් මනසක් මට තිබුනේ. එත් ලංකාවේ ගත කරපු ඒ අමිහිරි මාස කීපය නම් මගේ ජිවිතේ කවදාවත් අමතක වෙන්නේ නෑ.

****** මාස කීපයකට පෙර ******

යන්තමින් පොද වැස්සත් එක්ක පුරුදු අඩි පාර දිගේ කන්ද නැග්ගත් අද කවදාවත් නැතිව පපුවට ලොකු වෙහෙසක් මහන්සියක් දැනුනා. ඇත්තටම ඒ මහන්සියටද නැත්නම් අඩන්න හදන පපුව බලෙන් අඩන්න දෙන්නේ නැතිව හිර කරගෙන ඉන්න නිසාද දන්නේ නෑ. ඇස් කෙවෙනි වලින් මතු වෙන කදුළු හිර කරගෙන උස්සන් ආපු කුඩය ගහක් මුලින් තියලා හිතේ තරහටත් වේදනාවටත් එක්ක බෙහෙත් පැලෑටි ඉදුරුවේ පිස්සුවෙන් වගේ. මට ඕන කලේ මේ වේදනාව කොහොම හරි පිට කරගන්න. ඒත් හිතේ ආවේගයට තදින් මුල් ඇදපු පැලයක් උදුරන්න ගිහින් අත ලිස්සලා විසිවෙලා ගිහින් මුනින් වැටුනාම, හැබෑ ජිවිතෙත් හොදින් මේ පොලව අල්ලගෙන මුල් ඇදපු ගහක් නේද උදුරලා ගන්න ගියේ කියලා මට හිතුනා. මම එහෙම්ම වැටිච්ච විදිහටම පොද වැටෙන අහස දිහා බලාගෙන කෑගහලා ඇඩුවේ ඒ වේදනාව තවත් හිරකරගෙන ඉන්න බැරි නිසා.

මම රෙහාන් විජේසිංහ. අම්මා, අප්පච්චි දෙන්නම නෑ. අත්තම්මා තමයි මාව ලොකු මහත් කලේ. අත්තම්මා කියන්නේ අප්පච්චිගේ අම්මා. අප්පච්චිගේ පවුලේ නැන්දලා මාමාල හතර දෙනෙක් හිටියත් අත්තම්මා ජීවත් උනේ මාත් එක්ක තනියෙන්. ජිවිතේ වටිනා කියන කිසිම දෙයක් මේ හිගන කොල්ලගේ ජිවිතේ තිබුනේ නෑ. ඒත් කවදාවත් ලැබිච්ච ජිවිතේ ගැන දුක් උනෙත් නෑ. මම ඇත්තටම මට ලැබිච්ච දෙවල් වලින් උපරිම සතුටින් හිටියා. ඒ මගේ ජිවිතේට වර්ෂ කියන නම ඈදෙන්න ඉස්සෙල්ලා. ඇත්තම මල් වර්ෂාවක් විදිහට මුලින් ආවත් අවසානයේ අසිනි වාර්ෂාවක් වෙලයි ඒ වර්ෂාව නතර වුනේ. පරණ දෙවල් ඇදගෙන හෝද හෝද මඩේ දාන එක තෙරුමක් නෑ කියල දන්නවා උනත් සමහර වෙලාවට ඒ වේදනාවල් සැරින් සැරේ මතු පිටට ඇවිත් ආයෙත් ඒ වගේ මෝඩ වැඩ නොකරන්න අපිට මතක් කරල දෙනවා.

Gay Short-Story CollectionWhere stories live. Discover now