"යකෝ.. මගෙ කාමරේ මට ඕනෙ විදිහට ඉන්න බැරිද? අනික තමුසෙ මොකද්ද ඒකට වෙලා කරේ? මං කියලා තියෙයිනෙ මං නැති වෙලාවට ඒකට යන්නෙපා කියලා."

"යැයි යැයි තමයි.. තමුසෙ දන්නවනෙ මං කොහොමත් තමුසෙ කියනේවා අහන්නෙ නෑ කියලා."

"අහන්නෙ නෑ.. හහ්! බැරි අයට අස්සවන හැටිත් මං හොඳට දන්නවා."

"මං බයවෙයි.." ජන්ග්කුක් ගස්සද්දි ටේහ්‍යොන්ග් එකපාරටම ජන්ග්කුක්ට ළංවෙලා සෝෆා එකෙන් දණිස්ස තියලා සෝෆා එක උඩින් අතකුත් තියන ගමන් ජන්ග්කුක්ගෙ ඇඟට බරවුණා.

ජන්ග්කුක්ගෙ ඇස් බයටම තදින් පියවිලා යද්දි කොල්ලගෙ අත් දෙකත් ඉබේටම වගේ පපුවට තද උනාම ටේහ්‍යොන්ග්ට හයියෙන් හිනා ගියා. ටේහ්‍යොන්ග්ගේ හිනාවට ගැස්සිලා ඇස් ඇරපු ජන්ග්කුක් ආපු තරහටත් එක්ක ටේහ්‍යොන්ග්ගේ යටිකයට රිදෙන්නම වේගවත් පයින් පාරක් එල්ලකරා.

"ආව්හ්.. ෆකින් බිච්! ඌහ්!!!" ටේහ්‍යොන්ග් එහෙම්ම දෙකට නැමුනේ වේදනාවෙන් ඇදුම් කන එයාගෙ සාමාජිකයවත් අතින් තදකරගෙන.

"හහ් හා..ඇද්ද තොට.. ආවා මෙතන මාව බය කරන්න." ටේහ්‍යොන්ග්ට විරිත්තපු ජන්ග්කුක් ඉක්මනට එතනින් පැනලා එයාගෙ කාමරේට දිව්වා.

"යාහ්.. මගෙ අහිංසක රන්දිකයා තමුසෙට මොන වරදක් කරාටද ඒ අහිංසකයට මෙහෙම කරේ?" ටේහ්‍යොන්ග් අහද්දි ජන්ග්කුක් හිනාවෙවීම දොර වහලා දාලා ඇඳට පැන්නා.

"ඕක පරිස්සම් කරලා තියාගන්නවා.. මොකද මේ දැන් ඉඳන් තමුසෙගෙ බනානා ගෙඩියටත් මං වෛර කරනවා." ජන්ග්කුක් කාමරේ ඉඳන් කෑහැහුවෙ ටේහ්‍යොන්ග් අමාරුවෙන් ගිහින් සෝෆා එක උඩ ඉඳගන්න ලෑස්ති වෙද්දි.

"යාහ් දිස් බ්‍රැට්.. තමුසෙව හෙටම මං ආපහු ගිහින් දානවා."

"එතකොට මං ගිහින් අප්පට කියනවා තමුසෙ ගැන.. හිරබත් කන්න ආස නම් තමුසෙට පුළුවන් මාව යවන්න."

"මට දැන් නම් හොඳටම විශ්වාසයි මූව උස්සගෙන ඇවිත් මං කරගත්තෙ ලොකු මෝඩකමක් කියලා." නළල පිරිමදින ගමන් තමන්ටම මුමුණගත්තු ටේහ්‍යොන්ග් ජන්ග්කුක්ට පිළිතුරක් නොදීම සෝෆා එක උඩ ඇලවුණා.
.
.
.
.
.
.
.
.
.
.

฿Ⱡ₳₵₭ ⱤØ₴Ɇ  [Completed] ||Taekook||Where stories live. Discover now