"ඒත් කොල්ලා පොඩි එකෙක් නේද?" ජිමින් අහද්දි නම්ජුන් ඔලුව වැනුවා.

"ඔව්.. ඌට තාම අවුරුදු 17යි. 17යි කියන්නෙ කොහොමත් ලයිසන් නෑනෙ.. හැබැයි මේ ළඟදි ඒකා පාරෙ අයිනෙන් ගියපු මනුස්සයෙක්ව හප්පලා ඒ මනුස්සයා අනූනමයෙන් බේරුණේ. මේ ඒකා ගැන පැමිණිලි ලැබුණු පළවෙනි වතාව නෙවෙයි. හැබැයි ලීගෙ සල්ලියි ඒ සල්ලි වලට කෙල හලන ලොක්කොයි ඉන්නකම් මට ඒ කොල්ලට විරුද්ධව කිසිම ක්‍රියාමාර්ගයක් ගන්න බෑ. ඒ නිසා කොල්ලව පොඩ්ඩක් බය කරානම් වැඩේ ගොඩ."

"ඒ වැඩේ මං බලන්නම්.." ටේහ්‍යොන්ග් ඉදිරිපත් වෙද්දි සුගා ඇරෙන්න අනිත් හැමෝම ටේහ්‍යොන්ග් දිහා බැලුවෙ අවිශ්වාසය මුසු බැල්මකින්.

"ඔයාට ඉවසීමක් නෑ V.. ඒ වැඩේ හරියන්නෙ නෑ."

"ඔහ් කමෝන් RM හ්‍යොන්ග්.. ඒ වැඩේ කරන්න මං ඇරුනම මෙතන වෙන කවුරුත් නෑනෙ. සුගා හ්‍යොන්ග්ට වෙන වැඩක් තියෙන නිසා කොහොමත් ඒක බලන්න වෙන්නෙ මට."

"වෙන වැඩක්..?" නම්ජුන් සුගා දිහා බැලුවම සුගා දෙවුරිස් හකුලවලා ඇස් දෙකෙන් ජිමින්ව පෙන්නුවා.

"ඔහ්.. හරි.. එහෙනම් ඒ වැඩේ කරන්න. හැබැයි V, කොල්ලා පොඩි එකෙක් නිසා ලොකු ඩැමේජ් එකක් කරන්න බෑ හරිද?"

"හරි හරි හ්‍යොන්ග්.."

කරන්න ඕනෙ ඉතුරු වැඩ ටික සාකච්ඡා කරන්න කට්ටිය බෙදෙද්දි සුගා V කොනකට වුණා.

"මින්ජුන්ට මොකද්ද කරන්න යන්නෙ?" V අහද්දි සුගාගෙ කට කොනකට හිනාවක් ආවා.

"මගෙ ඒන්ජල්ට බැනපු එකෙක්ව නිකන් අතාරින්න බෑනෙ බන්.."

"අනිවා ආයෙ.. මගෙ සෝල්මේට්ට බැනපු එකෙක් උඹ නිකන් අතාරිනවා නම් මං එදයින් පස්සෙ උඹට සපෝට් කරන්නෙත් නෑ."

"උඹ ළඟ මින්ජුන් ගැන මුකුත් විස්තරයක් නැද්ද?" සුගා එහෙම ඇහුවෙ සාමාන්‍යයෙන් ටේහ්‍යොන්ග් ළඟ රටේ බලවත් සල්ලි තියෙන මිනිස්සු ගැන විස්තර තියෙන නිසා.

"මට මතක විදිහට ඌ උගෙ චැනල් එකට එන කෙල්ලොන්ගෙන් ලිංගික අල්ලස් අරගෙන තියෙයි. පොඩ්ඩක් ඒ ගැන බැලුවා නම් උඹට පොටක් පාදාගන්න පුළුවන් වෙයි."

฿Ⱡ₳₵₭ ⱤØ₴Ɇ  [Completed] ||Taekook||जहाँ कहानियाँ रहती हैं। अभी खोजें