10 𝐩𝐚𝐫𝐭🖼️🎨

Start from the beginning
                                    

ජිමින් ටේගෙ හිසකෙස් අතරින් තමන්ගෙ ඇඟිලි යවන ගමන් තමාටම මුමුණ ගත්තා.ජිමින්ට ඕනවුනේ ටේගෙ වේදනාව නැති කරන්න.ජිමින් හොඳටම දැනන් හිටිය ටේගෙ හිත මේ තරම් ලොකු වේදනාවක් දරාගන්න තරම් ශක්තියක් නෑ කියල.ඒ හිත ඒ තරම්ම සියුමැලී.ඉතින් ජිමින්ට ඕනවුනේ එයාගෙ ටේව සනසන්න.එයාගෙ නොවුන එයාගෙ ප්‍රථම හා එකම ආදරේ විදින ඒ වේදනාවෙන් එයාව නිදහස් කරන්නයි ජිමින්ට ඕනවුනේ්.



↽↽↽↽↽↽↽↽↽↽↽↽↽↽↽↽

𝐓𝐢𝐦𝐞 𝐬𝐤𝐢𝐩𝐩𝐞𝐝......

𝐚𝐟𝐭𝐞𝐫 𝐨𝐧𝐞 𝐰𝐞𝐞𝐤......

"ආ මෙන්න ටේ "

තමන් අරන් ආපු අයිස්ක්‍රීම් දෙකෙන් එකක් ටේට දික්කරපු ජිමින් ටේ ඉදගෙන හිටපු බෙන්ච් එකේම ටේට එහාපැත්තෙන් වාඩිවුනා.

"තෑන්ක්ස් චිම්☺️"

සතියකට පස්සේ....හරියටම ඒ සිද්දිය වෙලා සතියකට පස්සෙ ජිමින් ටේගෙ මුනෙ හිනාවක් දැක්ක.අවංක හිනාවක්.ටේ මේ සතියම හිටියෙ එයාගෙ කාමරේට වෙලා.අඩු තරමෙ කෑම කන්න කියලවත් ටේ කාමරෙන් එළියට ආවෙ නෑ.ජිමින් කොච්චර බලෙන් ටේව එළියට එක්ක යන්න හැදුවත් ටේ ඒ හැම අවස්ථාවක්ම මඟ ඇරියා.ටේට ඕනවුනේ තනි වෙන්න.තමන්ගෙ හිතේ තියන වේදනාව නැති වෙනකන්ම අඬන්න.ඒත් ටේට ඕනවුනේ ජිමින් ඉස්සරහ අඩන්න.මොකද එයාට එයාගෙ චිමීගෙ හිත තවත් රිද්දන්න බෑ.මේ වෙනකොටත් එයාගෙ චිමී එයා නිසා ලොකු වේදනාවකින් ඉන්නෙ කියල ටේ දැනගත්තා.ඉතින් එයාට තවත් එයාගෙ චිමීව රිදවන්න ඕනවුනේ නෑ.



"ඔයා කොහොමදවේදනාව දරාගත්තෙ චිමී?"

"ම්...මොන වේදනාවද ටේ?"

එකපාරටම ටේ අහපු ප්‍රශ්නෙත් එක්ක ජිමින් ගොළුවුනා.ජිමින්ට හිතාගන්න බැරිවුනා ටේ මේ මොනව ගැනද අහන්නෙ කියල....


" තමන් ආදරේ කරන කෙනා වෙන කොනක්ට ආදරේ කරනව කියල දැනගත්තම හිතට දැනෙනවේදනාව....අන්නවේදනාව ගැනයි මම ඇහුවෙ චිමී....🙂"


ටේ අහපු ප්‍රශ්නෙත් එක්ක ජිමින්ට දැනුනෙ එයාගෙ ඇඟම පන නැතිවෙනව වගේ.තමන්ගෙ අතේ තියෙන අයිස්ක්‍රීම් එක අතඇරුන කියලවත් ජිමින්ට දැනුනෙ නෑ.ඒ තරම්ම ජිමින් හිටියෙ බයවෙලා.......ඊටත් වඩා කුතුහලේකින්......

"කොහොමද එයා ඒක දැනගත්තෙ?"

ජිමින්ගෙ හිත එයාගෙන්ම ප්‍රශ්න කරා...





↽↽↽↽↽↽↽↽↽↽↽↽↽↽↽


මං දන්නව මේක පිස්සුවක් 🥲

හිතෙන හිතෙන විදියට ටයිප් කරා....

මගේ පිස්සු කතාව කියවනවට තෑම්ස් 💗

💗 𝐚𝐮𝐭𝐡𝐨𝐫 𝐉𝐄𝐎𝐍_𝐓𝐀𝐄𝐒𝐇𝐈_ 💗

ᴛʜᴇ 🅿🅰🅸🅽🆃🅸🅽🅶 ║ Taekook ❘ vmin (Completed 🙃)Where stories live. Discover now