🐯 ජන් ද ජොන් ද මම දන්නේ නෑ හ්‍යුන්ග්. ඒත් මට මගේ කූකිව අතහැරලා වෙන ජීවිතයක් ඕන නෑ.

🐱 නර්ඩ් කෙනෙක් එක්ක උඹ පැටලුන තරම අන්තිමට ඒකව නැතිව බැරි තැනකට ම වැටුණා නේද..?

🐯 පෙනුමෙන් එයා නර්ඩ් කෙනෙක් වෙන්න පුළුවන් හ්යුන්ගී. ඒත් මගේ කොල්ලා හොට් ඩැඩී කෙනෙක්. එයාව බාත්රොබ් එක විතරක් පිටින් දැකපු මම නේ දන්නේ එයාගේ හොට් වර්ෂන් එක.

🐱 වාහ්... ඒ කියන්නේ උඹ කුක් ට දපනෙ ම වැටිලා නේද...?

🐯 කූකි වෙනුවෙන් ඕන දෙයක් කරනවා හ්‍යුන්ග්. මට එයා නැති ජීවිතයක් ගැන හිතන්නවත් බෑ. ශුවර් පිට කියන්නේ, එයා දුප්පත් කියලා මට එයා ගැන තියෙන ආදරේ වෙනස් වෙන්නේ නැහැ.











යුන්ගි ටේහ්‍යුන්ග් ගැන හොඳටම දන්නවා. මොකද ටේහ්‍යුන්ග් දෙයක් ලබාගන්නවා කියලා හිතුවොත් නම් ඒ දේ ලබා ගන්නේ නැතුව කවදාකවත් අතාරින්නෙ නැහැ. ඒ වගේම තමන් ආදරේ කරන කෙනාව එක පාරින් එහෙම අතාරින්න තමන්ගෙ මල්ලි කොහොමටවත් සූදානම් නෑ කියලා යුන්ගී හොඳටම දැනුවත්.

🐱 කෑම කන්න යම් පහළට. ජන් මල්ලි එන්නෙත් නැති එකේ නිදහසේ කෑම ටිකක් කන්න පුළුවන් වෙයි ඔයාට.. හැබැයි කාමරයට වෙලා හිටියොත් නං, ඔයා දන්නවා ඔම්මට කොච්චර නම් කේන්ති එනවද කියලා....

🐯 හොඳයි හ්‍යුන්ග්... මම ඉක්මනටම වොෂ් එකක් දාගෙන එන්නම්. ඔයා පහලට යන්නකො. බයවෙන්න එපා ෂුවර් පිට මම එනවා. මම ඔම්මගෙන් බැනුම් අහන්න කැමති නෑ...

ටේහ්‍යුන්ග් හිනාවෙලා කියද්දි ඔලුව වනපු යුන්ගි ටේහ්‍යුන්ග් ගේ ඔලුවත් අතගාලා පහළ තට්ටුවට යන්න පිටත් වුණා. ටේහ්‍යුන්ග් තමන්ගෙ ටවල් එකත් අරගෙන බාත්රූම් එක අස්සට රිංග ගත්තා...















___________________________________

ටේහ්‍යුන්ග් ශෝට් එකක් එක්ක බැගී ටී ශර්ට් එකක් ඇඳගෙන පහළ තට්ටුවට ගිය වෙලාවෙ කට්ටිය හිටියේ මැරේජ් එක ගන්න සුදුසු දින වකවානු ගැන වගේම වෙඩින් එක ගන්නේ කොයි වගේ ප්ලේස් එකකද කියන එකත් ගැන කතා කරන ගමන්.

තමන්ගේ හ්‍යුන්ග් නම් සද්ද නැතුව කෑම එකටම විතරක් අවධානය දීගෙන හොදට බඩ කට පුරෝලා කන හැටි දැක්කහම ටේහ්‍යුන්ග් ට පුංචි සැනසීමක් ආවෙ නැතුවමත් නෙමේ එහෙත් ලොකු හුස්මක් ඉහළ දාපු ටේහ්‍යුන්ග් පඩිපෙළ බැහැලා ගිහින් dining table එකට වාඩි වුණා.

Baby Bully ✔️Where stories live. Discover now