නම්ජුන් කියාගෙන යද්දී ටේහ්‍යුන්ග් බිම බලාගෙන අහගෙන හිටියා. ටේහ්‍යුන්ග් ට ඕන වුණේ නැහැ එතන තමන් කතා කරලා ප්‍රශ්නය තවත් ලොකු කරන්න. ඒ නිසා ටේහ්‍යුන්ග් කට වහගෙන බිම බලාගෙන ඉන්න තීරණය කළා...

🐿️ ඒක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි බං. බළපං.. කොල්ලට මහන්සි පාටයි. ඔයා යන්න පුතා... ගිහින් වොශ් එකක් දාගෙන එන්නකො..
යුන්ජී...  අපේ එකාට කියන්න එන්න කියලා. ටේ පුතා ගෙදර ආවා කියන්න.

හොබී ටේහ්‍යුන්ග් ව සැනසෙන තාලෙට කතා කරේ සන්ශයින් හිනාව දාන ගමන්මයි. ටේහ්‍යුන්ග් ලාවට හිනා වෙලා ඔලුව නමලා ආචාර කරලා එතනින් උඩ තට්ටුවට යන්න පිටත් වුණේ හොබී ට හිතෙන් පින් දෙන ගමන්.








____________________________________

ටේහ්‍යුන්ග් ගිය ගමන් ම යුන්ජි කළේ බෝගම් ට කෝල් එකක් ගත්ත එක.

🦄 හෙලෝ බෝගම්...

🐸 කියන්න මැඩම්
    
🦄කෝ පුතා..?

🐸 මම මේ පුංචි මහත්තයා ගන්න යන ගමන්. මැඩම්...

🦄 දරුවගෙන් ඇහුවද ඊට පස්සේ මොකක්ද කරන්න ඕනේ කියලා.? 

🐸 ඔව්.. පුංචි මහත්තයා කිව්වා ටේහ්‍යුන්ග් බේබි මහත්තයා ව හොයන්න ගිහින් කා ටයර් එකේ පන්චර් එකක් ආවා කියලා කියන්න කිව්වා ටේහ්‍යුන්ග් බේබි මහත්තයා ඉස්සරහ.

🦄 ඇත්තට...? මේකා නම්... පොඩි එකා වගේ හිටියට හදන්න දන්න කතා...?

🐸 ජියොන් මැන්ෂන් එකට පයින් යන දුරකදි පන්චර් වුණ නිසා එහේ එන්නෙ නැතිව කෙලින්ම ගෙදරම ගියා කියල කියන්න කිව්වා.

🦄 අම්මට සිරි.. මුගෙ මොලේ දානවා මම ඇලේ.. ගෙදර ආවහම..

🐸 එහෙම කියන්න එපා මැඩම්. ටේහ්‍යුන්ග් බේබි මහත්තයා ට ආදරේ නිසානේ පොඩි මහත්තයා මෙච්චර කට්ටක් කන්නේ..

🦄 ටේහ්‍යුන්ග් වෙනස්වෙලා. ඒක පැහැදිලියිනේ. ඒ දරුවගේ මූණ දැක්ක ගමන් මට ඒක කියන්න පුළුවන්..

🐸 එත් පුංචි මහත්තයා බලාපොරොත්තු වෙන්නේ ආකර්ෂණය නෙවෙයි. ඇත්තම ආදරේ.. මම හිතන්නේ....

🦄 ඇත්තටම ආදරේ..? ඒක මට තේරෙන්නේ නෑ.. කාර් කඩාගෙන, පන්චර් දාගෙන.... මොනවද මේ කතා..

Baby Bully ✔️Where stories live. Discover now