Episode 05

50 16 70
                                    





Sungni's pov

" තමුන් කවුරු කියලා හිතන්ද මගෙ ලමයට අත තිබ්බෙ??? "

එයා ඒක ඇහුවෙ මගෙ මූණට පොඩි සෙන්ටිමීටර ගාණක දුරක් තියෙන තරමට ලං වෙලා....

මම පිටිපස්සට වෙලා එයා දිහා wtf look එකක් දාලා බැලුවා...

"ඔහේගෙ ළමයව ඔහේ තනියම දාලා එහෙ මෙහෙ රෝන්දෙ ගිහින් එනවද මෙතන අහල පහල ඉන්න මිනිස්සුන්ට දොස් කියන්න? අනික මොකෝ ඔහේගෙ ලමයා අල්ලපුවම දිය වෙන මැටීරියල් එකකින්ද හදලා තියෙන්නෙ... පිස්සෙක්..."

මම එහෙම කියලා ගැම්මෙන් ගස්සලා හැරිලා ආපහු මගෙ walk එක පටන් ගත්තා...

ගැම්මෙන් ගැස්සුවට මොකද කොන්දත් උලුක් උනාද කොහෙද...

ටිකකින් Eunmiත් බොන්න බීම දෙකක් අරගෙන මම ඇවිද ඇවිද හිටපු තැනට ආවා... ඊට පස්සෙ අපි දෙන්නා බීම එක බිබී අනුන්ගෙ රෙදි හෝද හෝද ආයෙම ගෙදර ගියා...

අපි යද්දිත් අර අපේ hwani කියන යාලුවා හොදටම නිදි...

සදුදා university පටන් ගන්නවා... ඊට කලින් තුන්දෙනා එක්ක පොඩ්ඩක් busan වල ඇවිදින්න plan එකක් ගහන්නවත් විදිහක් නෑ ඉතින්...







Eunmi's pov

මම උදේට කාලා ඉවර වෙලා garbage bags ටික පහලට අරන් යන්න කියලා ගෙදරින් එලියට බැස්සා... ඔහොම අමාරුවෙන් ඒ ටික අරගෙන පහලට බහිද්දි තිබ්බ කරුමෙට දාගෙන හිටපු සපත්තු දෙකේ ලේස් එක ගැල උනා...

දැන් මේ කුණු මලු උස්සන් මම කොහොමද මේක ගැට ගහගන්නෙ?

පඩිපෙල උඩ මේවා තියන්නත් අමාරුයි...

මම බොහොම ආමරුවෙන් පටල ගන්නෙ නැතුව පඩිපෙලෙන් බහිද්දි අන්තිම පඩි තුන පෙනි පෙනි එකපාරටම මගෙ කකුල පිටිපස්සෙන් හිර උනා...

මට ඊට වඩා කිසිම දෙයක් හිතන්න හම්බුනේ නෑ මගෙ හොම්බ තිබ්බෙ පඩි තුන ඉවර වෙන තැන...

තව තප්පරයක් ගත වෙන්න කලින් චොකොස් ගාලා මගෙ ඔලුව උඩටම වැවුනෙ මගෙ අතින් විසික් වෙලා ගිය කුණු බෑග් එක...

" oh sorry... මිස් are you okay?"

මට පිටිපස්සෙන් එහෙම අහන කටහඩක් ඇහුනම තමයි තේරුනේ ඒ කෙනා අතින් මගෙ ලේස් එක පෑගුන නිසයි නිව්ටන් හොයාගත්ත ගුරුත්වාකර්ෂණය මට බලපෑවෙ කියලා...

Room Mates Unde poveștirile trăiesc. Descoperă acum