Episode 04

58 17 46
                                    




Eunmi's pov

" සද්දෙ වැඩී uncle.... කරන දෙයක් හිමින් කරන්න..."

මම නිදිමතේම වගේ එහෙම කියලා ආයෙම හැරිලා යන්න හැදුවට එකපාරටම ඒ කෙනා මගෙ අතින් අල්ලලා මාව නැවැත්තුවා...

"Uncle?"

"uncle හරි සීයා හරි මොකා හරි සද්ද කරන්න එපා යකෝ..."

මම එහෙම කෑගහලා එයාගෙ අත ගසලා දාලා ආයෙම ඇවිත් ඇදට පැන්නා... උඩ ගෙදර සද්දෙ නම් දැන් නවතුනා... ඒත් මේ මගෙ එහාපැත්තෙ ඉන්න එක්කෙනා ලී ඉරන එකනෙ දැන් ප්‍රශ්නෙ...

මම මුනින් අතට හැරිලා කොට්ටෙන් කන්දෙක වහගෙන නිදාගත්තා....

ටිකකින් එකපාරටම උඩගින් මාව ඇහැරුනේ එලාම් එකක සද්දෙට... අයිශ් මේ hwani ගෙ phone එක...

මම ඇහැරුනාට hwani නෙවේ ඇහැක් ඇරලා බැලුවෙ එයාගෙ එලාර්ම් එකේ සද්දෙට... වෙලාව උදේ 5යි... තාම යුනිවර්සිටි පටන් ගත්තෙත් නෑ... මේකි මොකෝ මේ උදේ පාන්දර ඒලාර්ම් එකක් තියන්...

"ඕයි hwabi... නැගිටිනවා... තමුන්ගෙ එලාම් එක...."

මම එහෙම කියලා hwaniව ඇහැරෙව්වම එයා නිදිමතේ වගේ එලාම් එක ඕෆ් කරලා හිමීන් නැගිට්ටා....

"මොකෝ මේ උදෙන්...?"

මාත් නිදිමතේ අහුවා...

" Jeff උදේම යනවා කිව්වා... එයාට යන්න කලින් කන්න මොනවහරි ලෑස්ති කරලා දෙන්න ඕනෙ..."

Hwani ගෙ ඒ වචන ටික ඇහුනම මගෙ නිදිමතත් ගියා... මොකද ඒ මම දන්න hwani නම් වෙන්න් බෑ... එයාගෙ නින්ද කැප කරලා Boyfriend ට කෑම හදලා දෙන්න යනවා?

"hwani ඔයා හොදින්ද?"

"ඇයි...?"

"අයි කියලා අහන්නෙ? හදිස්සියෙම මොකෝ මේ boyfriend ට හොදින් සලකන්න හිතිලා... මොකක් හරි වොල්ග් එකක් වත් බලලා motivation වෙලාද?"

"නෑ බන්... මට ඊයෙ මග guilty ෆීලින්ග් එකක් දැනුනා... බලපන් ඒ කොල්ලා මම වෙනුවෙන් සම්පූර්ණ ආර්ට් ස්ටූඩියෝ එකක්ම හදලා දුන්නා... මම අඩුම තරමෙ ඒ මනුස්සයට මගෙ අතින් තේකක් හදලා දීලා නෑ... මට මාර අවුල් ඒක ගැන..."

"සීනි අප්පච්චි කෙනෙක් ඉද්දි ඔය වගේ තෑගි ලබන්න පුරුදු වෙන්න ඕනෙ hwani ඔයා..."

Room Mates Where stories live. Discover now