Episode 03

48 18 47
                                    




Hwani's pov

අපි දෙන්නත් එක්ක එක එක වටපිටාවෙ දේවල් ගැන කතා කර කර ගෙදර ලගට එද්දි ගෙදරට යන්න නගින පඩිපෙල ලග කෙනෙක් හිටගෙන හිටියා...

ඒ කෙනා දැකලා පුදුම උන මම හිටපු තැනම පොඩ්ඩකට නැවතුනා...

Sungniත් හැරිලා මගෙ මූණ දිහා බැලුවා...

මොකද ඒ හිටියෙ seoul යන්න කියලා ටිකකට කලින් පිටත් උන Jeff...

" Jeff?"

එයා මාව දැකලා හිනා වෙලා අත වැනුවා...

" ඇයි මේ? ඔයාට මොනවහරි අමතක උනාද?"

" නෑ... ඇත්තටම... මේ... මට ඔයාට පෙන්නන්න දෙයක් තියෙනවා... "

මම මගෙ ඇහිබැම ඉස්සුවෙ ඒ මොකද්ද කියලා එයාට කියන්න ඉඩ දීලා...

Jeff මුකුත් නොකියා sungni ගෙ මූණ දිහා බැලුවෙ එයා එතන ඉන්න නිසා කියන්න බැරි පෞද්ගලික දෙයක් කියන්න තියෙනවා වගේ...

එයා ඉතින් ඕක මට කොච්චර පෞද්ගලිකව කිව්වත් අනිත් මම පැත්තට ඒක මගෙ හොදම යාලුවො දෙන්නගෙ කනේ තියෙනවා කියලා මතක් උනාම...

" අහ් කෝ ඔය බෑග් ටික දෙන්න hwani... මම ගෙදරට යන්නම් ඔය දෙන්නා කතා කරලා එන්නකො... "

Sungni එහෙම කියලා මගෙ අතේ තිබ්බ බෑග් ටිකත් අරන් එතනින් ගියා...

" මොක්ද්ද Jeff ඔයාට පෙන්නන්න තියෙනව කිව්වෙ? ඔයාට යන්න පරක්කු වෙන්නෙ නැද්ද?"

" මම අද නෙවෙයි යන්නෙ... හෙට..."

"අහ්?"

"එන්නකො..."

Jeff එහෙම කියලා මගෙ අතකින් අල්ලගෙන මාව එහාපැත්තේ ගෙදරට එක්කන් ගියා...

ඒක ටිකක් පරණ විදිහට හදපු ගෙයක් උනාට අලුතෙන් තීන්ත එහෙම ගාලා තිබ්බා...

"කොහෙද මේ යන්නෙ? ඔයා මේ ගෙදර අයව අදුරනවද?"

"කට වහගෙන එන්න..."

මම ඉතින් අපායට එක්කන් ගියත් දැන් යන්න එපැයි කියලා හිතාගෙන එයත් එක්ක ගියා... ඒ ගෙදර දොර ලගට ගිහින් එයා මගෙ අත අතඇරියා...

" දොර ඇරලා බලන්න... "

Jeff එහෙම කිව්වම මම මගෙ ඇහිබැම උස්සලා confused බැල්මක් දැම්මා... එයා මට ඔලුවෙන් දොර අරින්න කියලා ඉගි කරපු නිසා මම හිමීට ඒ දොර ඇරියා...

Room Mates Where stories live. Discover now