.
.
.

කට්ටිය දැන් ටික වෙලාවක් යනකන්ම එකට ඉඳියත් කවුරුත් කාත්  එක්කවත් කතා කරේ නෑ .

" ඒයි...මොකද මේ ..සද්දෙ වහලා..මළගෙයක් වත්ද " මම හිනාවෙවී එහෙම ඇහුවෙ පිස්සො රැළ අද සන්සුන් වෙලා වගේ ඉන්න එක මට අපහසුවක් වගෙයි දැනුන නිසා.

"  මොනාද මේ කියන්නෙ බේසික හ්යුන්" නම්ජුන් දුවන් ඇවිත් මාව බදාගත්ත පාර මගෙ හුස්මත් හිරවෙලා ගියා..

" යා මේ මොකද මේ... කෝ කෝ අහකට වෙනවා.."මන් නම්ජුන්ව තල්ලු කර කර අහකට කරන්න හද්දදි එයා තව ටිකක් මාව තද කරගත්තා මට දැනුනා මගෙ ශර්ට් එක තෙත් වෙනවා වගේ.ඒත් එක්කම හොබීයි ජන්කුකයි
,ටේයි  දුවන් ඇවිත් මගෙ දෙපැත්තෙන් හග් කරගත්තා.

ජුනා,කිව්ව ගමන් ඉතින්  ආතල් කෝටියයි.මතක සටහන් නම් එමටයි කොහොම උනත් අපි හැමෝගෙන්ම සන්වේදිම එයා කියලයි මට හිතෙන්නෙ

එතකොට හොබී...කාට මොන විදියට සැලකුවත් මම හොබීට ගරු කරලා සැලකුවෙ මොන හේතුවකටද කියලා මටත් තේරෙන්නෑ .සමහරවිට එ කරුනාවන්ත ස්වීට් කොල්ලාට මොනවත් කියන්න හිත දෙන්නැති නිසා වෙන්නැති. මෙන්න මේකයි....හොබීට ජැක්සේනයාව  හම්බුන්නැත්තම් මන් හිටියෙ ජිමින් එක්කම හොබීවත් කරකාර බැඳගන්න කියලා .ඒත් ඉතින් හරිගියේ නෑනෙ අපරාදෙ නේද ?

ජැක්සේනයාගෙ අරිශ්ටෙ තමයි හොඳටම කරේ!

ජන්කුකා, අපි හිනාවෙද්දි හිනා වෙනවා වගේ ජන්කුක් අපි අඬද්දි අපි එක්කම ඇඬුවා අපි අතර ඉන්න  ආදරණියම චරිතෙ ජන්කුක් තමයි

ටේ ගැන කියනවානම් එයත් ජන්කුක් වගේම  ආදරණීයයි වගේම සන්වේදියි.

ටික වෙලාවක් එහෙමම වැළඳගෙන  ඉඳලා ඈත් වෙද්දි .ලිසායි රෝසුයි කඳුළු පිහදානවා ඒ අතරෙ ජිමිනුත් ගිහින් ටේව හග් කරගෙන ඉන්නවා. ආයිශ් මේ වගේ සන්වේදි සිද්ධි මට දිරවන්නෙම නෑ.. ඇස් වලට වතුර වගේ ඒවත් උනනවා මේවා බලන් ඉද්දි.

ලිසායි රෝසුයි ගැන කියනවනම් ලිසා කිසිම දෙයක් බරපතලව ගන්නැති සැහැල්ලු කෙනෙක් , ඒකිට අවුරුදු හයක් වුන නම්ජින් එක්ක පලහිලව්වක් තිබ්බ එක නම් මන් ජීවිතේට අමතක කරන්නෑ.

Panda Express[ Completed]حيث تعيش القصص. اكتشف الآن