CHAPTER-12

452 124 65
                                    

රාත්‍රිය උදා වුනා ...

" මචන් යන්න කලින් කියන්නෙ මොන දේ වුනත් අඬන්නෙපා ..උඹ පිරිමියෙක් කියල මතක තියාගෙන හිත ශක්තිමත් කරගනින් .." නම්ජුන් හෝසොක්ගෙ උරහිසට තට්ටුවක් දැම්මා .." ෆයිටින්!"

" යා ...!මොකද මේ නිකන් යුද්ධෙට යන්න කලින් වගේ මේව කියන්නෙ ..." හෝ සොක් නම්ජුන් දිහා බලන් හිනාවුනා ..

සුසුමක් පිට කරපු නම්ජුන් .." උඹට තේරෙයි තව ටිකකින් ..

"මට සමාවෙන්න නම්ජුනා අැත්තටම ඔයාගෙ හස්බන්ඩ් එක්ක නිදාග්න එක මගෙ හිතට හරි නෑ ..ඒත්--"

" අපෝ ඒකෙ ප්‍රශ්නයක් නෑ මට උඹව සීයට දෙසීයක් විශ්වාසයි .." නම්ජුන් හිනාවෙලා කිව්වා..

" මම එහෙනම් යන්නම් .." හෝසොක් නම්ජුන්ගෙ කාමරේ පැත්තට ගියා ..

" මම කිව්ව දේවල මතක තියාගන්න ....ෆයිටින් !" නම්ජුන් කෑ ගැහුවෙ හෝසොක් තවමත් මග කාමරේට යන අතරෙ

......

හෝසොක් නොපෙනී යනකන් ඉඳලා
නම්ජුන් එයාගෙ ෆෝන් එක අරන් කෙටි පණිවිඩයක් සටහන් කරේ හෝසොක්ට

To hosoek
මේක කලින් නොකිව්වට මට සමාවෙයන් හෝසොකා..කාමරේට ගියපු ගමන් ජිනීට නොපෙනෙන්න ටේබල් ලෑම්ප් එක හන්ගපන් මොකද ඒක ඊයෙ මගෙ අතින් කැඩුනා ....බැරි වෙලා හරි දැනගත්තොත් උඹට ඒකෙන්ම ගුටි කන්න වෙයි ..ප්ලීස් මගෙ හැන්ඩ්සම් මූණ අාරක්ෂා කරලා දෙන්න ...
Send now
Seen

මාසේජ් එක කියවපු හෝසොක්ගෙ ඉහෙන් කණින් දාඩිය බේරෙන්න ගත්තෙ එයා දැන් කාමරේට අැවිල්ලා ඉවරයි කියලා මතක් වෙලා ..

ඒත් ඒ වෙද්දි කාමරේ කවුරුත් හිටියෙ නැති නිසයි බාත්රූම් එකේ දොර වහලයි තිබුනු නිසා හෝසොක් තේරුම් ගත්තා ජින් තාම බාත්රුම් එක අැතුළෙ කියලා ..

එයා පුළුවන් තරම් ඉක්මනට ටේබල් ලෑම්ප් එක අතට අරන් හන්ගන්න තැනක් හෙව්වා ..ඒත් හෝසොක් කලබල වෙලා ලෑම්ප් එක අැඳ අස්සට විසි කරේ බාත්රූම් එකේ දොර අැහුනු හඬට ..

" මොකද්ද තමුන් ඒ අැඳ අස්සට විසි කරේ !" ජින් අහපු විදියට හෝසොක්ව වෙව්ලන්න ගත්තා

" ම්-මුකුත් නැහ්..."

" කෝ එහාට වෙනව බලන්න ..." ජින් හෝසොක්ව අැඳ ගාවින් එහාට කරවන්න හැදුවා...

" එප්-එපා.." හෝසොක් ජින්ට පේන්නැති වෙන්න නයිට් ලෑම්ප් එක කවර් කරන්න ලොකු උත්සහයක් දැරුවත් හරි ගියේ නැත්තෙ ජින් කොහොම හරි එයාව බිම අැදන් වැටෙන්නම අැඳ ගාවින් තල්ලු කර නිසා ..

" මේ ටේබල් ලෑම්ප් එක නේද .." ජින් ටේබල් ලෑම්ප් එකට අත තිබ්බ ගමන් ඒක දෙකට වෙන් වුනා " මගෙ දෙයියනේ මේ මිනිහා ඒකත් කඩලනෙ...." ජින් දත් මිටි කන ගමන් හෝසොක් දිහාවට හැරුනා ...

" ම-මම නෙවෙයි..."

" තමුසෙ නෙවෙයි නම් වෙන කවුද ..." ජින් ටේබල් ලෑම්ප් එකත් උස්සගෙන ගහන්න එද්දි හෝසොක් බෙරිහන් දුන්නා ...

" ඔම්මාඅාඅාඅා "

_______________________________

MiNsuGa✨

Panda Express[ Completed]Where stories live. Discover now