8 part 🖼️🎨

Start from the beginning
                                    

ටේ හිටියෙ මේ කියන කිසි දෙයක් තේරුම්ගන්න පුළුවන් මට්ටමක නෙවෙයි.ජන්කුක්ගෙ කටින් ඇහුනවචන නිසා ටේගෙ මුළු ලෝකෙම එයාගෙ ඉස්සරහදිම කඩන් වැටෙන්න ගියේ තප්පර කිහිපයක් වගේ පුංචි කාලයක්.....ටේවත් හිතන්න නැතුව ඇති එයා මාස ගානක් තිස්සෙ දැකපු හීන මේ වගේ පුංචි තප්පර කිහිපයකට විනාශ කරන්න පුළුවන් වෙයි කියල.......💔

ඇස්වලින් කදුළු ගංගාවක් වගේ ගලද්දි ටේ තාමත් බලන් හිටියෙ තමන් ඉදිරියෙ කිසිම හැඟීමක් නැති මූණකින් හිටගෙන බලන් ඉන්න ජන්කුක් දිහා.....ජන්කුක් කතාකරාට පස්සෙදෙන්න අතර ආයෙ එක වචනයක්වත් හුවමාරු වුනේ නෑ.ඒ දෙන්නම කරේ දෙන්නට දෙන්න දිහා බලන් හිටපු එක විතරයි.

"හහ්....හහ්හා!!!"

එක පාරටම නිහඬව තිබුන මුළු බීච් එකේම නිහඬතාවය බිදිමින් ටේහ්‍යුන් මහ හයියෙන් හිනාවෙන්න ගත්තා.හිනාවෙන ටේහ්‍යුන් දිහා ජන්කුක් බලන් හිටියෙ පුදුමයත් වේදනාවත් මුසුවුන ඇස්වලින්.

"හහ්.....හහ්.....බලන්නකො කුකී.මම මහ මෝඩයෙක් නේද? හහ්.....දැකපු මුල් වතාවෙම කෙනෙක් ගැන ආදරයක් ඇති කරගත්ත එක.හරියට ඒ මනුස්සයගෙ පසුබිම ගැන හොයල බලන්නෙවත් නැතුව මගේ මතේම ඉඳගෙන.....එයා මට ආදරේ කරයි,මාව පිලිගනී කියන බලාපොරොත්තුවත් ඇතිකරගෙන, එයාගෙ අදහස් දැනගන්න කලින්ම එයා ගැන බලාපොරොත්තු තියාගත්ත මම මෝඩයෙක්.....එහෙම නේද කුකී....හහ් 🤣😭"


ඇස්වලින් ගලන කදුළු අතරින්ම මහ හයියෙන් හිනාවෙවී ටේ කියවන දේවල් අහන් හිටපු ජන්කුක්ට එයාගෙ වේදනාව තවත් හන්ගන් ඉන්න බැරිවුනා.තමන්ගෙ ඇස්වලිනුත් කදුළු ගලද්දි ජන්කුක් ටේව තමන්ගෙ පපුවට තුරුළු කරගත්තා.ජන්කුක්ගෙ පපුවෙ උනුහුම දැනුන ගමන්ම ටේ මහ හයියෙන් කෑගහල අඬන්න ගත්තෙසියුමැලි හදවතට දැනුන වේදනාව පිටකරගන්න ඔහු වෙනත් ක්‍රමයක් ගැන නොදැන හිටපු නිසයි.....



" ආහ්හ්හ්හ්!!!!!😭😭💔"


වේදනාවෙන් කෑගගහ අඬන ටේව තවත් තමන්ට තුරුළු කරගත්ත ජන්කුක් ටේගෙවේදනාව නැතිවෙනකන්ම අඬන්න ඔහුගෙ උරහිස දුන්නා.








මේ අතරේ ඈත ඉදන් මේ දිහා බලන් හිටපු ජිමින්ට දැනුනෙ එයාගෙ හදවත දෙකට පැලුන වගේ විශාල වේදනාවක්.ජන්කුක් ටේව තුරුල් කරන් හිටපු විදියට ජිමින් හිතුවෙ ජන්කුක් ටේගෙ ආදරේ පිලිගන්න ඇති කියල.ඒත් ජිමින් ඇත්තටම එතන උන සිද්දිය දැනගත්තනන්........💔























↽↽↽↽↽↽↽↽↽↽↽↽↽↽↽↽↽


💔💔



💗 𝐚𝐮𝐭𝐡𝐨𝐫 𝐉𝐄𝐎𝐍_𝐓𝐀𝐄𝐒𝐇𝐈_ 💗

ᴛʜᴇ 🅿🅰🅸🅽🆃🅸🅽🅶 ║ Taekook ❘ vmin (Completed 🙃)Where stories live. Discover now