116 වන කොටස..

Start from the beginning
                                    

මම බිනරි දිහා බැලුවා....ඇයි උඹ මට උදව් නොකලේ කියලා වත් අහන්න උවමනාවක් නෑ.....මම එයාගෙ අතේ උන්න ලමයව අරගන එන්න හැරුනා ...

සුදු පුතා.....

බිනරි උන්න කාමරෙන් එලියට ඇවිත් අඩි දෙකතුනක් වත් යන්න හම්බුන් නෑ තාත්තා මට කතා කෙරුවා ....

තාත්තා .....

කොහෙද යන්නෙ...

එලියට යනවා..ලමයට නිදි මතෙ ඉන්නෙ...අප්පච්චි එක්ක විතේන් ඉන්නවා.....ඇරත් එතන කට්ටිය ඉන්නවනෙ ......

තාත්තා මගෙන් අහනවා ඇයි යන්නෙ කියලා...ඇත්තටම යන්න හේතුව මට බිනරි දිහා බලන් ඉන්න හිතුන් නැති එක වෙනකොට මම ලමයව පාවා දුන්නා .....

නිතේශ් ....

එපා තාත්තා ...තාත්තා කියන්න හදන්නෙ....තාත්තලගෙ කීමටයි බිනරි මට කතා නොකලේ....විතේන්ට මොකක් හරි වෙයි කියලා බයටයි එහෙම කලේ කියලා ..ඒ වචන ටික ඉතුරු කරගන්න තාත්තා .....තාත්තා ඔයා අද සුදු මහත්තයා ගගා මගෙ අප්පච්චි ගාව හුරතල් උනාට....අප්පච්චි ගාව ආදරෙන් උන්නට...කාලයක් තිබුනා අප්පච්චිට හයියක් ඕන වෙච්ච ...මට කාලයක් තිබුනා මගෙ විතෙන්ව ඕන වෙච්ච .......අපි දෙන්නම අද හිනා වෙලා උන්නට කාලයක් තිබුනා අපිට අපිව නැතිවෙච්ච ...එහෙම එකේ තාත්තා හදන්නෙ බිනරිව සාදාරනී කරනය කරන්න නම්.....ඒ වචන තියා ගන්න මගෙ කොල්ලව නලවන්න....ඒ ගැන කතා කරන්න එපා ....අනික ඔය මට කියන්න යන ටික මගෙ අප්පච්චි ට කියන්නත් එපා ඒ මනුස්සයගෙ හිත රිදේවි....මොකද.....හොදටම හිතලා බැලුවොත් ඔයාලගෙ පැත්තෙන් දරු කැක්කුම ඉස්සරහට දැම්මට මගෙ පැත්තෙන් ඔයාලා ආත්මාර්තකාමී උනා වගේ දෙයක් දැනෙන්නෙ තාත්තා ...ප්ලිස්...මේකතාව ඇති....

නිතේශ්.....නිතේ...ශ්.....

මම එන්න ආවා....ලමයව එක අතකින් අනිත් අතට මාරු කරන ගමන් මම පහලට එන්න ආවා.....

අප්පච්චිගෙ පැටියා දොයියන්න පුතෙ ..

මම ලමයාව උරහිස උඩ තියාගන නිදි කෙරෙව්වා ..පුංචි එකා සැරින් සැරේම ගැස්සෙනකොට මම හිමින් තට්ටු කර කරඑහා මෙහා ඇවිද්දා.....

නිතේශයා......

නින්දයාගන එන ලමයව මම උරහිසෙන් අරන් හරහට අරන් නලවනකොට මෙච්චර වෙලාම උඩ උන්න ශෙනෝන් වගේම ගඩාපි පැටියා පහලට ආවා...

BREATH OF LIFE (Complete)Where stories live. Discover now