111 වන කොටස....

Start from the beginning
                                    

මම හැරුනා.....මගෙ හිත බිදුනා...මම ආවෙ බලාපොරොත්තු ගොඩක් තියාගන......

නිතේශයා.....

මට....ගෙදර යන්න...ඕනා...බන්....

දැන් මෙහෙම යන්න බෑනෙ.....මෙහෙ ඉදපන්......මෙහෙ ඉදලා හවස යන්...මං උඹව එක්කන් යන්න එන්නම්....

එපා...බන්...මං ගෙදර යන්නම්....අර ලමයා මට බයයිනෙ....අඩවන්න ඕන් නෑ....

මම වැනි වැනිම ගෙදර යන් කියලා ඉස්සරහට ආවා උනත් උන් මට දීලා තියන පෙත්තෙ සැරටම ද කොහෙද මට යන්න බැරි උනා ......මම වැටෙයි කියලා එක තැන හිටගන උන්නා .......

වටෙන් වරෙන්.....උඹට යනවා තියා හිටගන ඉන්නවත් බෑ...වරෙන් මෙහාට......

යන්න ගියපු මාව ආයම ශෙනෝන් අල්ලගන එයාගෙ ගෙදර කාමරේකට එක්ක ඇවිත් ඇදකට දැම්මා.....වට පිට තියෙන්නෙ මොනවද....නැත්තෙ මොනවද දන්නෙ නෑ...ඒ හැම දේම පෙනුනෙ මගෙ ඇස් වලට බොද වෙලා වෙනකොට ශෙනෝන්ම මගෙ සපත්තු ගලවලා බ්ලැන්කට් එකෙන් මාව පොරවනකොට නිදි මත කොයි තරම්ද කියනවා නම් මට වචනයක් කතා කරන්න කට ඇරගන්නත් බැරි තරමට නිදිමත දැනුනා.......ගල් කැට එල්ලුවා හා සමානවම ඇහි පිහාටුවල බර දැනෙන කොට මම ඇස් දෙක වහගනම ශෙනෝන්ව අත පත ගාල ඒකගෙ අත අල්ලගත්තා ....

ශෙ...නෝන්....ය...න්න....එපා.....

ඇයි......නිදා ගනින්....මම ඉදලා මොනවා කරනන්ද උඹේ පවුලයි කොල්ලයි ඉන්නෙ....

ය....න්...න...එපා...මට..බයයි....මං...
ඇහැරෙන් නැතිවෙයි කියලා.....

බය නොවී නිදා ගනින්......

මගෙ වැහුන ඇස් වලින් කදුලු වැටුනා..මට බය හිතුනා...එක්කො මාව නින්දෙන් මැරෙයි කියලා....නැත්තන්....ඇහැරෙන් නැතිව ඉදලා ආයම දවස් ගානකට පස්සෙ ඇහැරෙයි කියලා ..... ...

ශෙ...නෝ...න්....

ම්ම්ම්.....

මං....ආය ....අදම...නැගිටිනේද.......ආය....
දවස් ..ගානකින් නැතුව....අදම...නැගි..ටියි...නේද.....
ශෙ......නෝ......න්......

මම නින්දෙම්ම වචන ඇහිලුවා......අදම ඇහැරෙයි නේද කියන එක මම අකුරු පැටලි පැටලි හිත හිත ඇහුවා....ඌ උත්තර දුන්නෙ නෑ ...ඒ වෙනුවට ඌ ලොකු හුස්මක් ගන්නවා ඇහුනා...මට එතනින් එහාට කතා කරන්න බැරි උනා...ඒ තරමට නිදි මත........ඇගම පන නැතිවෙලා යනකොට මම අත්වල ඇහිලි ගුලි කරගත්තා ......ඒ වගේම ශෙනෝන්ගෙ කටහඩ ඇහුනා...

BREATH OF LIFE (Complete)Where stories live. Discover now