101 වන කොටස...

Depuis le début
                                    

උගුරෙන් පහලට වතුර බිදක් යන්නවත් මගෙ කට ඇරුන් නැති වෙනකොට මට ඕන උනේ  මොන හෙනයක්ද මුන් පාත් කෙරුවෙ කියලා බලන්න වෙනකොට මම ශෙනෝන්ගෙ  අත තදින් මිරිකන් ඉන්නකොට එයා මාව එහෙම්ම මිදුලෙ තිබුන අඹ ගහ යට තිබුන සිමෙන්ති බංකුව ගාවට එක්කන් ආවා....

ඩියෝන්......ඩියෝන්......බබා.....ඩියෝන්...
ලමයෝ....

ඕ සෙනෝන්.......ඇයි....මේ...අම්මියා පොල් ගාන්න කිව්වා ඒයි......

මේ රෑ උඹ පොල් ගිලින්නෙ...බඩ රිදෙන්න තමයි....මේ නිතේශ් අයියට බොන්න මොනවා හරි ගේන්න.....

.ම්හුක්...එහෙනන් පොල් සම්බෝලා කන්නෙ කොහොමත...ම්හුක්....මගෙ නිතේස් අයියෙ......මොනවත බොන්නෙ......ක්‍රීම් සෝඩා බොනවද.....යෞවනයේ පොපියන චමත්කාරය......ඈ......ඒයි.......

ඩියෝනයා.....

හා අනේ   හා....ඉතිම්......නිතේස් අයියෙ....ඒනම් ගේනවා ඈ......අම්මියා මෙගා බෝතලයක් ගෙනාවනෙ අප්පච්චිට බේත් ගුලි බිලා තොල කට  වේලෙන හින්දා . ....

මම අහන් උන්නා...ඩියෝනයා කියවනවා...කියවනවා ඉවරයක් නෑ......

මූ ඉස්සරත් මෙහෙමද බන්....

අරූගෙ බ්‍රේක් නැති කට දිහා බලන් උන්න මම  ශෙනෝන් දිහාවට හැරිලා ඒකා ඉස්සරත් එහෙමද අහනකොට ශෙනෝන් ලාවට හිනා උනා.....

ඌ කලින්ට ඔයිට අන්තයි......උඹ ඌට කියන්නෙ  ගඩාපියා කියලා ...පොඩි බොටමා කියලා ....ඌට  මං කොච්චර ආදරේ උනත්  ..අවංකවම ...ඌ මටත් වඩා ආදරේ උඹට .....ඌ කොයි වෙලෙත් රින්ගන්න හදන්නෙ උඹ අස්සට....ඌට ඕන උඹ ගාව හුරතල් වෙන්න......ඌට...මම උඹ කියලා වෙනසක් නෑ..ඇදේදි ඇරුනම ....ඌට අපි දෙන්නම එකයි......උඹට මතක නැතුව් ඇති....ඌ උඹව විතේනයට වික්කා...මුල්ම කාලෙ .....ඒ කාලෙ......ඒකාලෙ තිබුන සතුට අද නෑ නිතේශ් ....

ඒත්...උගෙ සතුට...උන් උදුර ගත්තා .....උන් උඹේ සතුට   ......අපි හැමෝගෙම සතුට උදුර ගත්තා නිතේශ් ....ඒ හැම දේම නරක හීනයක් කියලවත් කවදාවත් අමතක කරන්න බැරි තරම් මහ වේදනාත්මක දේවල් ......

නිතේස් අයියෙ....ආ මගෙ අයියො...මේක බොඥ්ඥ පුතේ....සෙනෝන් තොට නෑ...මගෙ නිතේස් අයියට විතරයි ....

BREATH OF LIFE (Complete)Où les histoires vivent. Découvrez maintenant