Chapter 7

159 26 3
                                    

උදේ දහය විතර වෙද්දි ටේට පාර්ක් එකට එන්න කියුවට සෝ උදේ අටේ විතර ඉදන් මේ ලෑස්ති වෙන්නෙ පාර්ක් එකට යන්න...දනිස්ස ලගට දිග ලා දම් පාට ගවුමක් ඇදගෙන ඉක්මනට ඉක්මනට කොන්ඩෙ පීරන්නෙ නවය විතර වෙද්දි වත් පාර්ක් එකට යන්න....
හැබැයි ඇත්තටම අද ටේ එයාව හම්බෙන්න එයි ද කියල න්ම් සෝට විශ්වාසයක් තිබුනේ නෑ .....
අද ටේ නාවත් මේ යන ගමනින් සෝට පාඩුවක් වෙන්නෙත් නෑ.... මොකද කෙල්ල පාර්ක් යන්නෙ ටේව හම්බෙන්න වුනත් සෝ මෙච්චර ඉක්මනට ලෑස්ති වෙන්නෙ පාර්ක් ගිහින් පුංචි ළමයි එක්ක සෙල්ලම් කරන්න......ඔව් අද සෙනසුරාදා ...නිවඩු දවසක්.. ඉතින් අද පොඩි ළමයි පාර්ක් එනව..වගේම සෝත් හැම සෙනසුරාදාම වගේ පාර්ක් එනව ....

මොකද සෝ විශ්වාස කරා පුංචි ළමයි එක්ක ඉද්දි ටික වෙලාවකට හරි හිතේ පොදි බැදිල තියෙන ප්‍රශ්න අමතක වෙනව කියලා....තව, පාර්ක් එකේ තියෙන ලොකු චෙරි ගහක් යටට වෙලා ඉද්දි සතියක් එක දිගට වැඩ කරලා හෙම්බත් වෙලා තියෙන ගතට වගේම හිතටත් සැනසීමක් ලැබෙනව කියලා.....ඒකයි සෝ හැම සෙනසුරාදාම වගේ පාර්ක් එන්නෙ......

පාර්ක් එකට නුපුරුදු මූණක් තියෙන සුදු පාට ටීෂර්ට් එකක් ඇදගෙන අලු පාට කලිසමේ සාක්කු දෙකට අත් දෙක ඔබාගත්ත කොල්ලෙක්ගෙ මේ ඇස් හොයන්නෙ පාර්ක් එකට ආගන්තුකයෙක් වෙච්ච තමන්ව බලාපොරොත්තුවෙන් ඉන්න කෙල්ලෙක්ව....

ඔව් ඒ ආගන්තුකයා කිම් ටේහියුන් තමයි...උදේ දහයට එන්න කියුවට තමන් පැය බාගයක් විතරම පරක්කුයි කියලා තේරුණේ සෝට කොහෙද කියලා බලන්න කෝල් එකක් ගන්න ෆෝන් එක ඔන් කරද්දි.....ඔව් ටේහියුන් පරක්කුයි ...ඒ පරක්කුවට හේතුව මේ ගමන ගැන එයාගෙ තිබුන වුමනාවක් නැතිකම නෙවෙයි ද ....

කෝල් එක ඩයල් කරලා කනේ තියා ගන්න යද්දිම ටේගෙ ඇහැ ගැටුනෙ පුංචි ළමයි වගයක් වට කරගෙන හරි හරියට සෙල්ලම් කරන හරි ලස්සන් තරුණ කෙල්ලෙක්ව....

ලස්සන ?
ඔව් එයා දිහා වුවමනාවෙන් බලන ඕනම කෙනෙකුට දෙපාරක් හැරිල බලන්න පුලුවන් හරි චාම් ලස්සනක් ඒ කෙල්ලට තිබුනා.....
හැබැයි කිම් ටේහියුන්ට නම් එහෙම ලස්සනක් පෙනුනෙ නෑ...හැබැයි ටේට පොඩි අමුත්තක් නම් තේරුණා...මොකද හැමදාමත් සෝව ඔෆිස් වෙයාස් වලට දකින ටේ කවදාවත් සෝව මේ විදියට දැකලා තිබුනෙ නෑ ....හැබැයි ඒ අමුත්ත ඇතුලේ හැංහිලා තිබුනෙත් එක්තරා විදිහක ලස්සනක් කියලා ටේහියුන් ට තේරුණේ නෑ....ඊටත් වඩා එක තේරුම් ගන්න එයාට වුවමනාවක් තිබුනෙත් නෑ

My Dear Blossom (✔️)Where stories live. Discover now