Part-16

378 58 34
                                    

මෙය මාගේ මනංකල්පිතයක් බැවින් සැබෑ ජීවිතයේ ජීවත් වන්නන් හා සම්බන්ධ කර නොගන්න...












🐺Chapter-16🐺








"නැගිටපන් බං කනමදය වගේ නිදන් ඉන් නැතුව..."

"තව...චූ.....ට්ට්ක්..අනේ.....හ්..."

"තව චුට්ටක් නෙමෙයි උදේ ඉදන් අර ලින්ග් කාමරේ ඉස්සරහ තපස් රකින්නෙ...ඌට ඇතුලට එන්න කියන්නද උබ නැගිටිනවද..."

"ල්..ලින්ග්..."

"ඔව්...ඔව්...ලින්ග් තමයි..."

මාව ඇද උඩ දණ ගැස්සුනා...ලින්ග් ඇවිත්ලු...ගොඩාක් වෙලාලු...අනිවාර්යයෙන්ම ඌ එන්න ඇත්තෙ ඊයේ රෑ මං ගියේ කොහෙද කියල දැන ගන්න...අනේ දෙයියනේ...මගේ ජීවිතේට ප්‍රශ්න විතරක්ම බෙදන්නෙ ඇයි අප්පා...ඊයේ රෑ නම් රජතුමාට බොරුවක් කියල බේරුන...ඒත් දැන් මං මූට මොකක්ද කියන්නෙ...මේක නම් මහ කරුමයක් උනා...

නාන කාමරේට ගිහින් උදේම නා ගත්තු මං මුලු ඇගේම සුවද බිංදු හලා ගෙන මූණ පුරාවටම වත්සුනු තවර ගත්ත...කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියල නෑ ලස්සනට ඉන්න එපැයි...

කොණ්ඩෙන් ටිකක් අරගෙන උඩට කරල නිලට හුරු පටියකින් ගැට ගහ ගත්තු මං අන්තිමට එක හැලුනු කෙස් ගහක්වත් ඇගේ නැති වෙන්න ඔක්කොම පිහල අයින් කලා...මාලිගාවට ඇවිත් සතියකටත් වඩා වැඩි කාලයක් හරි ඉක්මනින් ගෙවිල ගිහින් තිබුන උනත් මගේ හැසිරීම කවදාවත් වෙනස් උනෙ නැතිකොට දඩුවම් ලබපු සමහර වැරදි මං ආයෙ ආයෙත් කලා...ඒත් රණ්ඩු වෙන්න ගියේ නෑ...මොකද රණ්ඩු වෙන්න මං ආස නෑ...

ඇදුමත් පිළිවෙළකට හදා ගත්තු මං ගිහින් කාමරේ දොර ඇරල එලියට ගියා.. අනෙ දෙයියෝ මං හිතුවෙ මූ ගිහින් ඇති කියලනෙ...ඔය ඉන්නෙ ගෙම්බ ගිලපු සෝමාලියන් ගැරඩියෙක් වගේ...ඊයේ අර ගොන් දෛවඥයා කියපු දේවල් වලට මූ ඕනවටත් වඩා උඩ ගිහින් මයෙ හිතේ...

"ඔයා මාව හෙව්වද ලින්ග්..."

"අහ්...ඔයා ආවද..මං ගොඩාක් වෙලා ඇවිත්..."

මාව දැකපු පමාවට එයා නැගිටල මගේ ඉස්සරහට ආවා...ඒ මූණෙ හිනාව එකයි...කොච්චර හිනා උනත් වැඩක් නෑ උබට හුළං තමයි ලින්ග්...😏

You've reached the end of published parts.

⏰ Last updated: Oct 01, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

Love Of The Alpha King (zhanyi) (Onhold)Where stories live. Discover now