Part-13

230 59 39
                                    

මෙය මාගේ මනංකල්පිතයක් බැවින් සැබෑ ජීවිතයේ ජීවත් වන්නන් හා සම්බන්ධ කර නොගන්න...







                🐺Chapter-13🐺









"මොකද බං මේ නින්දෙන් හිනා වෙන්නෙ..නැගිටපන් පුකට එලිය වැටෙනකන් නිදා ගන් නැතුව.."

"එතකොට ඒක හීනයක්ද..මං එයාට කිව්වනෙ මං එයාගෙ මේට් කියල...ආයි......ශ් තෝ හීන දකිනවද xuan ඒ පාර.."

"මොකද බං නිකන් ගුලි කාල වගේ ඉන්නෙ..නැගිටපන් යකෝ අන්න ගුරුතුමා ඇවිත්ලු..."

මින් මගේ ඇග වටේට එතිල තිබ්බ ඇද රෙද්ද ඇදල බිමට දැම්ම වෙනකොට මං හරි අමාරුවෙන් නැගිටල නාන කාමරේට ගියා..අපරාදේ හොදම කොටසෙදිනෙ අර අපලෙ පාත් උනේ..තව ටිකක් ඉන්න දුන්න නම් උම්ම එක්කුත් දෙන්න තිබුන එයාට...😒

උදේ කෑමටවත් වෙලාවක් නොතිබ්බ මං මගේ කෑම පිගානෙ තිබ්බ එලවලු බනිස් එකක් විතරයි අරගෙන මග දිගටම කකා පංතියට ආව..කිව්වත් වගේ අර කුකුල ඇවිත්...අත් දෙකත් පිටි පස්සට බැදගෙන හරි ආඩම්බරෙන් පාර බලන් ඉන්නව...

ඉස්සර ඔයා ඔහොම ඉන්නකොට මං දැක්ක තැන ඇවිත් ඇගේ එල්ලෙනව..තුරුල් වෙනව..හාදු තියනව..හිනා වෙනව බැනුම් අහනව..එහෙම හරි ලස්සනට ගෙවුන ජීවිතේ උන් විනාස කරා මගේ මැණිකෙ..උන් උබටත් හොරෙන් උබේ මල තලල රොණ් ගත්ත...ඔය රවන් ඉන්න ඇස් ඉස්සර මට හරි හරියට හිනා උනා උබට මතකද lixue..ඔය අකුලන් ඉන්න තොල් වලින් හරි ලස්සනට හිනාව මැව්ව උබට මතකද...අසිපතට ගුලි වෙලා තියෙන ඇගිලිතුඩු මගේ කෙස් පුරාවටම දිව්ව ඔයාට මතකද රත්තරන්...ඒ තරම් ආදරෙන් උන්න අපිව උන් කිසිම හිතක් පපුවක් නැතිවම මරල දැම්ම lixue...මං පලි ගන්නවා...මං නිසැකයෙන්ම උන්ව මරල දානව..

මග දිගට කකා ආපු බනිස් ගෙඩිය පැළයක් අස්සට විසික් කරපු මං ලොකූ හුස්මක් පිට කරල හිනාවක් මවා ගත්ත...මොකද මං විදවන්න ආස නෑ..මට ඕනෙ හිනා වෙන්නෙ...කිසිම ලෝබකමක් නැතුවම හිනා වෙන්න...

"සුභ උදෑසනක් ගුරුතුමණි..."

"සුභ උදෑසනක්...ඉතින් අද ඔක්කොම වගේ ඇවිත් තියෙන්නෙ..කොහොමද ඇගට එහෙම අමාරුද ඊයේ දුණු ශිල්ප පුරුදු වෙලා...?"

Love Of The Alpha King (zhanyi) (Onhold)Where stories live. Discover now