74 වන කොටස.....

Começar do início
                                    

ඉතින් මිසිස් සෙනාරි.......කොහොමද ...හරි ලස්සන හිනාවක් තියෙන්නෙ...මෙච්චර වෙලාම මැරිලා වගෙ ඉදපු ඔයාට මගෙ හස්බන්ඩ්ව දැක්ක ගමන් හරි ලස්සන හිනාවක් ගියානෙ.....ම්ම්ම්ම්ම්....අනුන්ගෙ මල් ගාව හිනා වෙන එක ඒ තරම්ම හොද නෑ බබෝ..මොකද.....ලස්සන මල් ගාව තනියට බාදුරා මල්.....ශිහ්.....ජරා මැස්සා!!........

මම බලන් උන්නා...එයා ෆයිල් හෝල්ඩර් එකෙන් මේසෙට වහපු මැස්සව චප්ප චිරිප්පන් වෙන්න පාරක් ගැහුවා  ....ඒත් එයා ඒ පාර ගැහුවෙ මැස්සටද නැතිනම්  සෙනාරිට කම්මුල් පාරක්ද කියලා මං කල්පනා කෙරුවා ....ඇත්තටම එයා හරි සූක්ශම විදිහට මාව රිදවන ගමන් සෙනාරිට එයාගෙ අයිතිය පෙන්න පෙන්න කැපිල්ල දැම්මා.......

මොකක්ද මං කිය කිය උන්නෙ මිස්ටර් නලින්....

බ්බ්...බාදුරා....මල් ගැන සර්...

ආන්න රයිට් . .දන්නවද සෙනාරි...සමහර ලස්සන මල් ගාව බාදුරා පැල කරනවා ඒ  ඇයි කියලා  දන්නවද ....ම්ම්ම්

නෑනෙ.....

අවලමේ යන මීමැස්සො වගේ වගක් නැතිව රොන් ගන්න එනවනෙ ඒකයි...

මගෙ කන්දෙකත් එක්ක රත් වෙලා  ගියා...එයා ඇත්තටම පිහි තුඩවල් වගෙ වගේ වගක්  නැතිවම වචන වලින් දමලා ගහනකොට මෙච්චර වෙලා හිනාවක් තිබුන සෙනාරිගෙ මූන කලුවෙලා ගියා.....

මිස්ටර් නලින්...

සර්...

මිස්ටර් අධිකාරිට කතා කරන්න......

මිස්ටර් අධිකාරි ...??මං එයා දිහා බැලුවා ...එයා මොන නාඩගමක්ද මේ නටන්න හදන්නෙ.....අධිකාරි .....අධිකාරි කියන්නෙ එයාගෙ ලෝයර් ......ඒ මනුස්සයව මොකටද.......මගෙ ඔලුවෙ ප්‍රශ්න ගොඩක් කැරකුනත් මට ඒවා විසදගන්න ඕනා උනත් විතේන් කෙරුවෙම මගෙ ඇස් මග ඇර ඇර එයාට ඕන දේවල් කරගත්තු එක වෙනකොට මම බලන් උන්නා ..මොකද අවසානෙදි මට එයා ඉතිරි කරල තිබුනෙ බලන් ඉන්න එක විතරක්ම නිසා....

මිස්ටර් විතේන් ....

ආ එන්න මිස්ටර් අධිකාරි  ....එන්න......

එයා හිනා උනා...අධිකාරිව දැකලා ශීට් එකෙන් නැගිටලා අතට අත පවා දුන්නා. ඇත්තටම ඒ හිනාව මොන තරම් කුරිරුද.....මේ ඉන්නෙ මගෙ විතේන්මද කියන්න බැරි තරම් නපුරු කමක් ඒ හිනාව අස්සෙ තියනකොට එයා කෙලිම්ම රවීන් දිහා බැලුවා....

BREATH OF LIFE (Complete)Onde histórias criam vida. Descubra agora