73වන කොටස..

Start from the beginning
                                    

මම එයාව උස්සන් එලියට එනවා එක්කම  ශෙනෝනුත් ආවා වගේම අඩ අඩ උන්න ගඩාපියා දූවල ගිහින් ශෙනෝන්ගෙ ඇගේ එල්ලුනා....

ඇයි බබී මේ....

ඇයි බබී....ඇයි බබී තමයි...උඹගෙ ඔය දොන්තයව අරන් යමන්...උඹලා දෙන්නටම ඕනා උනේ මේක නේ  ...දැන් හරිනෙ....දැන් සැනසීමෙන් නින්ද යයිනෙ  ..

නිතේශ් මේ ..නොදන්න ලබ්බවල් කියන්ඩ එපා හරි .   තොගෙ ඔය වහන්ගතේ ආවා කියලා මගෙ එකාවත් මම වත් තොගෙ එකාගෙ කනේ තිබ්බෙ නෑ ඌ අමතක වෙලා  ගියපු ෆයිල් එකක් අරන් යන්න ආවෙ  ..ඒකා උඩට එනකොට අපිට කියා ගන්න වෙලාවක් වත් නැති උනා   වරෙන් ඩියෝනයා යන්න ..මේ කොහෙවත් නැති පරට්ටියො හින්දා  අපි කතා අහගන්ඩ ඕනා...තොට ඔහොම වෙලා මදි   ...මං උඹට කලිම්ම කිව්වා..කලිම්ම කිව්වා.......

මටකරන්න දෙයක් නැති උනා ...හැම පැත්තෙම්ම වැරද්ද වැටෙන්නෙ මට වෙනකොට මම එයාව උස්සන් යද්දි ශෙනෝන් අඩ අඩ උන ගඩාපියව ඇදගන ගියා....

විතේන් .....නේ..මැනික.....අනේ....රත්තරනේ ...ඇස් ඇරපන් මගෙ විතේන්  ...අනෙ......

මගෙ කටට නිවනක් තිබුනෙම නෑ.....අනේ මැනික ඇස් ඇරපන්කෝ....උඹ කියන ඕන දෙයක් මම අහන්නම්.....ඇස් ඇරලා මා දිහා බලපන් රත්තරන් කියන වචන ටික මගෙ කටින් සිය පාරකට වඩා කියවෙනකොට මම එයාව අරන් කෙලිම්ම ප්‍රයිවට් හොස්පිට්ල් එකකට ආවා........

එයාව ගෙදරින් ගේනකොට උන්නා වගේමයි....හැල හොල්මනක් නෑ....යන්තමට හුස්ම වැටෙනව ඇරුනම එයා උන්නෙම මලක්දක් ගානට වෙනකොට ට්‍රොලියට දාපුන එයාව අරන් යනකොට මට පිස්සු හැදෙන්න වගේ ආවා.....

ඩොක්...ටර්. ...මගෙ..........මැනිකට කොහොමද ...

ඩොක්ටර් කෙලිම්ම මගෙ දිහා බැලුවා........එයාගෙ ඇස් වල තිබුනෙ.....මගෙ  විතේන් ගැන  දෙයක්ද    ඒත් නැත්තම් කෙලිම්ම " මගෙ මැනික" කියලා කියපු වචන අස්සෙ පැටලැවිල්ලක්ද  ......???....මගෙ මැනික .....මං කොල්ලෙක් වෙලා එයා කොල්ලෙක් වෙලා අපි ආදරේ කරන එකේ වැරද්ද දඑයාගෙ ඇස්වලින් එලියට ආවෙ    ..

ඩොක්ටර් .....මම අහුවෙ එයාට කොහොමද කියලා  ..එයාට කොහොමද කියන එකයි මම ඇහුවෙ     මමවැරදි දෙයක් කිව්වද   . ....

BREATH OF LIFE (Complete)Where stories live. Discover now