61 වන කොටස...

Start from the beginning
                                    

අම්මටත්  සිහි කල්පනාව නැති වෙන්ඩ යනවදෝ මන්දා     ..මම බලන් උන්නා නාද්‍යා උරහිස උඩ දාන් උන්න ඔසරි පට ආයම හැලිලා වැටුනා .....බැරි මගුල් නොකර ඉන්න ඕනා..ඇවිදින බෝ පැල වගේ පොලවට රිදෙයි කියලා ඇවිදිනවා....මුන්ට මේ හොද නම ගන්නද කොහෙද .....

නැන්දා  ..තේ එකක් ......

දෙන්න....මගෙ ඇගපතටත් පන නෑ දරුවො....සුදු පුතා තේ එකක් ..

එපා...මට බඩගිනි නෑ මං සීනිකන බොන එක නැවත්තුවා....

ඒකි තේ එක දිහා බලලා මා දිහා බලනකොට මම අහක බැලුවා ..අම්මට අද කත  කරන්නවත් පන නැද්ද මන්දා....

සීදේවි කෙල්ල......ඒකි තමයි දුවලා පැනල වැඩ කරන්නෙ....

අම්මා නැලවි නැලවි යන නාද්‍යගෙ ගුන වයන්න ගන්නකොට මට දැනුනා ඇග ඇතුලෙ ඉන්න විතේන් නැකිටගන එනවා....

හැම රෙද්දටම යැයි යැයි ගාන්ඩ එපා අම්මා.....ඕකිට දැන් තමයි තේ බන්දේසිය උස්සන් යන්න අමාරු....මිනි මරන්න උල්පන්දම්  දෙනකොට ඒවට අමාරු නෑ.....සීදේවි....සීදෙවි කම පේන්න ගියා මේකි අර කෙල්ලට කියපු කියුම් ඇහුනා නම්....කොයි වෙලෙත් අහිංසකී අහිංසකී ගාගන ඒකිටම ඒකි කියවගන්න තැනට වැඩ කරනවා නම්....හොදට මතක තියා ගන්ඩ ඇතුලෙ ඉන්නෙ අමු සතෙක්...මං ගෑනු ගැන දන්නවා අම්මා...මං ගෑනු ගොඩක් මැද හැදුනේ..ගෑනුන්ට මායම් හැට හතරක් නෙවෙ...හැට හතර...හැට හතරෙනුත් වැඩි කරලා ගන්න ඕනා....

අනික...ඒකිට වටින් නෑනෙ අරකිගෙ ඔලුවට තව වහ පුරවන්න....ඇදුමක් ගෙනත් දුන්න පලියට ඕකිලාට මිනියක් මරන්න පුලුවන් නම්......තව  මොන මොන සෙල්ලම් දායිද...ඒකි අම්මලාව රවට්ටන් ඉන්නෙ...ඒකි ඉන්නෙ මේ දැන් රහත් උනා වගේ....කතා කරොත් කනටඇහෙන් නෑ ඒතරම් ඒකිගෙ ශුද්ද වන්ත කම......ඒ උනාට හොදට ඇස් දෙක ඇරලා බැලුවොත් පෙනේවි ඒකි අමුවෙන් overacting  දගලානා කෙනෙක් කියලා..ඒක නිසා ඔය කුමාරි හාමිලත් හරී පරිස්සම්න් ඉන්ඩ...ඊලග යක්කු වැහෙන්නෙ උඹලට....

මම නාද්‍යගෙ සැබෑ ස්වරූපෙ පුංචි පුංචි පැති එලියට දැකපුවා එක්ක ඒකි අනිත් උන් ඉස්සරහා රගපාන හැටි බලන් ඉදලා හිනා උනා...මටම.....මොකද මිනිස්සු මාරම විදිහට දක්ශයි තව එකෙක්ව අන්දවන්න....නාද්‍යා මං ගාව කොහොම ලැජ්ජා බයට හැදුන එකී වගේ උන්නත් ඒකිගෙ ඇත්ත ස්වරූපෙ කොයි වගේද කියන්න මම අහම්බෙන් දැකපු ටැටු එකෙන් හියා ගත්තා .....ඒකි නොදන්නවා උනාට ...ඒකිගෙ පපුවෙ වම් පැත්තෙ  ගහලා තිබුන ටැටූ එක මම දවසක් අහම්බෙන් දැක්කා...ඒකත් පොඩීගෙ වෙඩිම දා  ..මෙහෙ එනකොට අදින ඔසරිවල කර කපන්නෙ උරහිසේ ගානට උනත් වෙඩිම දා ඇදන් උන්න ඔසරියෙ කර කපලා තිබුන කැපිල්ලට මම දැක්කා.....ඒ මැනිකෙගෙත් රෙද්දෙ තුත්තිරි ඇති .....

BREATH OF LIFE (Complete)Where stories live. Discover now