"හරි..."

ගංගාවිට පරිස්සම් වෙන්න උපදෙස් දිදී ගංගාවිගේ අම්මා ගොඩාක් පරිස්සමින් එයාගේ කොන්ඩේ පීරුවේ ගැට නැතිවෙන්න. කතාව ඇත්ත, දාපු මැහුම් තාමත් හරියට වේලිලා නැති එකේ ආයෙත් පෑරුනොත් එතන තවත් විනාසයක්.

"ශානිකා? ඔයා මොකෝ මෙහේ? කොහොමද ගේ හොයාගත්තෙ?"

"ආහ් ගුඩ් මොනින්... ඔයාගේ ගෙදර නම් ⁣හොයාගන්න බැරි මොකා් අන්කල් ඉන්නකන්. එන්න ඉක්මනට යමු බස් එකට පරක්කු වෙයි"

"ඔයා ආවේ මාව එක්කන් යන්නද?"

"නැතුව!! මට ඔයාව බේබිසිට් කරන්න වෙලා!"

"අයියෝ අප්පච්චි... මට මොකුත් වෙන්නෑ අනේ"

අප්පච්චිට බොරුවට රවලා ගංගාවි කිව්වම අප්පච්චියි අම්මයි හිනාවුණා. අප්පච්චිටයි අම්මටයි වැඳලා ඒ දෙන්නා ඉක්මනට පිටත් වුණේ බස් එකක් අල්ලගන්න. යනකනුත් බස් එකේ පුදුම සෙනගක්! ගංගාවිට යන්තම් අමාරුවෙන් සීට් එකක් අල්ලා දීලා වාඩිවෙන්න කියලා ශානිකා හිටගත්තා. එයාගේ වැඩ හරියට ගංගාවි එයාගේ දේපළක් වගේ. ගංගාවි අයිස් කැප් එකක් වගේ බූල් තොප්පියක් දාන් හිටියේ ඔලුව පරිස්සම් කරගන්න.

"ඕයි හිටපු සෙනඟ! මාව තලලා දාලා වගේ හම්මෝ"

"කියලා වැඩක් නෑ.. සයුරි ආවද අද?"

"ඔව් ඔව් එයා එනවා කිව්වා... අපි ග්‍රව්න්ඩ් එකට යන්න කලින් මැද මිදුල හරියේ රවුමක් ගහමු... ගේම් එක පටන් ගන්නෙත් නමයටනේ... තව පැය භාගයක්ම තියෙයි බං"

"හරී යමුකෝ"

එයාලා ඉස්කෝලේ ග්‍රව්න්ඩ් එකට නොයා බිල්ඩින් අස්සෙන් ගිහින් ඉස්කෝලේ මැද මිදුලට ආවා. සයුරිත් එතනම ⁣තව කොල්ලෙක් එක්ක කයියක් දාගෙන හිටියා. හරියට ශානිකායි සයුරියි ගංගාවිට නොකියා ගමන ප්ලෑන් කරන් ඇවිත් වගේ!

"ෂෙනාල් ඔයා මොනාද මෙතන කරන්නේ?"

සයුරි එක්ක හිනාවෙවී කතා කරකර හිටපු ෂෙනාල් දිහා බලන් ශානිකා නොරුස්සන ගතියට ඇහුවා. එයා ශානිකාට අත වනලා දිගටම එයාලගේ කතාව කන්ටිනිව් කරන් යනවා. සයුරිත් හී කියලා හිනාවෙලා ෂෙනාල්ට ඕනවට වගේ කතා කරනවා.

"යමු ගංගා යන්න... එයාලා ලොකු කතාවකනේ!"

"ශානි.... මාව වැටෙයි.... ඇදන් යන්න එපා ඕයි!"

ශානිකාට ඇත්තටම ආවේ ඉරිසියාවක්. එයාට ඉරිසියා හිතුනා සයුරි නොදන්න, සාමාන්‍යයෙන් ආශ්‍රය නොකරන අයත් එක්ක කතා කරනවට. සාධාරණයි ඉතිං, එයාගේ ක්‍රශ් එකනේ!
ආපු තරහට එයා ගංගාවිගේ අතත් අල්ලන් ඇදන් යන්න ගියේ වොශ්රූම් පැත්තට.

"ශානිකා....? ශානි? කතා කරනවකෝ! තමුන් ඔය අඬනවද? කියහන්කෝ බං ගල් ගිලලා වගේ ඉන්නැතුව!"

වොශ්රූම් එකට ඇවිත් එළියට වෙන්න අත හෝදන්න හදලා තිබුණ පොඩි ඇල්මිනියම් සින්ක් එකට ⁣හේත්තු වෙලා ශානිකා බිම බලන් ඉන්නවා දැන් ගංගාවි විනාඩියක් විතර ඉඳන් බලාගෙන. ටික වෙලාවක් යද්දි ඉකියක් එක්ක නහය සුරුස් ගාලා උඩට අදිනවා ඇහුනම තමයි ගංගාවි ශානිකාගේ මූණට තව ළං වෙලා බැලුවේ. ඇස්වල කඳුලු පුරවන් ඉන්නවා දැකලා එයාගේ කරවටේ අත දාලා ඇයි ඇහුවත් නෝකතා.

"හොඳ කෙල්ල වගේ කියන්නකෝ... ඇයි මේ?"

ගංගාවි ටිකක් ආදරෙන් ඇහුවම ශානිකා පවා හොටු පෙරිල්ල නැවැත්තුවා. ඊක්කා... හොටු කඳුලුයි වැක්කෙරෙනවා.

........................................

හායි

බායි

පරිස්සමින් ඉන්න ❤️

Nerdy Girl🌻 || GL Story || (COMPLETED ✅)Where stories live. Discover now