" අනේ මේ අක්කෙ අපි එහෙම දෙයක් මෙතන කරේ නැ නෙ...නිකන් බොරුවට කෑ ගන්න ඕන නැ නෙ ඕකට "

" සදූ වාඩි වෙයන් නිකන් ප්‍රශ්න දා ගන්න ඕනෙ නැ නෙ... "


සාශ සදූගෙ අතින් ඇද ඇද පුටුවෙ වාඩි කරන්න ට්‍රයි කරේ නිමානි අක්කා කිව්ව එකට මූට මලම පැනලා නැගිටලා කෑ ගහපු නිසා සදූ කියන්නෙ හොස්ස ලගින් මැස්සෙක් යන්න බැරි හෙන දරුනු පොරක් ඒකයි මේ ඔක්කොම 🥲🥲

" වැරැද්ද කරලා මෙතන කෑ ගහගෙනත් එනවද ආ...තමුසෙලා මෙහෙම හැදෙන්නෙ...මුලු clz එකම නැගිට්ටලා තියන්නද නැත්නම් මම කියන විදියට තැන් තැන් වලට ගිහින් වාඩි වෙනවද..."

ඒක හැහුන ගමන් ලමයිගෙ කසු කුසු සද්ද ගියේ මොකක් උනත් හිටන් ඉන්න එක හෙන අමාරු වැඩේ නිසා..🥲

"  අනේ මේ අක්කෙ අපි මෙතන වැරැද්දක් කරේ නැ නෙ අනික අපි එහෙම හයින් කතා කරෙත් නැ අර එහා clz එකෙන් එන සද්දෙ ඔයාලට ඇහෙන්නෙ නැද්ද....කන සුද්ද කරන් බලන්න කනේ දෝසයක්ද කියලා 😏 "

සදූ නම් වැඩේ අතාරින්නෙ නැ වගේ අපි ඔක්කොම මේ දෙන්නගෙ එකට එක කියවිල්ල දිහා මාරුවෙන් මාරුවට බලන් ඉන්නෝ....මොකක් නැතත් හෙන ආතල් වැඩේ හැබැයි  


" තමුසෙගෙ කටේ සද්දෙ හොදටම වැඩී හරිද නංගි අනික මම ප්‍රිෆෙක්ට් කෙනෙක් වගේම අක්කා කෙනෙක් ගරු කරලා කතා කරලා දැන ගන්නවා..."

නිමානි අක්කා ඒකනම් කිව්වෙ අලුවෙලා යන බැල්මක් මටත් දාලා ....මම මොන වැරැද්දක් කරාටද 😒 මේ ගෑනිට පිස්සුද මන්දා..ඇති වැඩකුත් නැ නිකන් බනිනෝ...

" අනෙ මේ අක්කෙ අපි ගරු කරන්න ඕන වෙලාවයි ගරු කරන්න ඕන කට්ටියවයි හොදට දන්නවා ඔයා කියා දෙන්න ඕනෙ නැ...😏 "

හරි ඔය උනේ සදූ මදිවට ලිතූ  ඕකුන් දෙන්නා ඇවිස්සුනා කියන්නෙ ආයෙ ඉතින් 🥲

" මම මෙතන වෙච්ච හැමදේම හොදට අහගෙන ඉදියෙ වැරැදි කරලා තවත් මෙතන ප්‍රිෆෙක්ට්ලා එක්ක කට ගහනුත් එනවා නේද අද මුලු clz එකේම ලමයි නැගිටලා ඉන්නවා...."

දිශා අක්කා  තර්ජනාත්මක කියපු පාරටද කොහෙද clz එකේම ලමයි නැගිට්ටා...මොකක් උනත් උන් ටික හොද නිසා මම දන්නවා මේ වෙච්ච දේට නිමානි අක්කටයි දිශා අක්කටයි හිතෙන් බනිනෝ ඇරෙන්න අපි සෙට් එකට වචනයක්වත් කියන්නෙ නැ කියලා...මොකක් නැත්ත අපේ clz එකේ අන්න ඒක හොදයි හොදම දේ... 

" අක්කෙ ඔයාට ඇහෙන්නෙ අපේ clz එක කෑ ගහනෝ වගේද ආ..ඇහෙන්නෙ නැද්ද එහා clz එකේ නංගිලාගෙ සවුන්ඩ් එක...එහෙමත් නැත්නම්...ඔයාගෙ යාලුවගෙ ගර්ල් ෆෙන්ඩ් ඉන්න clz එක නිසා ඒකට මේ නීති බලපාන්නෙ නැද්ද 😏 "

සදූ කිව්ව ඒ වචන වලට මටත් සුට්ටක් අවුල් ගියත් ආයෙ මම මට පිස්සුද කියලා හිතලා ඉස්සරා හැරිලා නිමානි අක්කා දිහා බැලුවෙ දැන් මේකට මොකද්ද කියන්නෙ බලන්න...මොකද  එයා මේ පොයින්ට් එකේදි අනිවාරෙන්ම හිර වෙනෝ කියලා දන්න නිසා 



මම එයා දිහා බලන කොට එයා බලාගෙන ඉදියෙ...................



▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁

හලෝ ඔන්න එපිට දුන්නා හරියටම එක්සෑම් ඉදර වෙච්ච ගමන් 🌚

ඊලගට මොකද්ද වෙන්නෙ කියලා ඊලග එපියෙදි බලමු ඈ....

වෝට් කරන්න කමෙන්ට් කරන්න ෆලෝ කරන්න ...🌚 ඕ හෝ ඕම බෑ ඉක්මන් කරන්න..

😂😂 ඕක ටයිප් කරන හැම සැරේම ඕක මගෙ කන ඇතුලෙ රැව් පිරිරැව් දෙනෝ shashi nishadi ගෙ සවුන්ඩ් එක 😂😂 💔

KRD

 ♡ Her gaze ❆Where stories live. Discover now