ගංගාවිගේ ඇඳ ළඟ තියලා තිබුණ ස්ටූල් එකෙන් ශානිකාට ඉඳගන්න ඉඩ දීලා රන්දිමා ඇඳේ කොනකින් ඉඳගෙන ගංගාවි දිහා බලන් හිටියේ ගොඩක් අසරණ බැල්මකින්. හැමදාම ඩිම්පල්ස් පේන්න හිනාවෙලා ඉන්න කෙල්ල මෙහෙම ඉද්දි කාටද දුක හිතෙන්නැත්තේ? ටිකකින් අප්පච්චි ආවම ආයේ දෙවනි පාරටත් රන්දිමා වෙච්ච සිද්ධිය අහන් හිටියා.

"මේක මගේ වැරැද්ද. මට තිබුණා වාහනේ දැකපු ගමන් ගංගාවිව ටිකක් පස්සට ඇදලා ගන්න"

ශානිකා කිව්වේ එයයි ගංගාවියි අප්පච්චි එක්ක කතා කරකර පාර පැනපු හැටි, නෑ! ක්‍රොසින් ලයින් එකේ බාගයක් දුර යනකන් ගියපු හැටි මතක් වෙලා.

"නෑ පුතේ... වැඩිහිටියෙක් විදිහට මට මීට වඩා සැලකිලිමත් වෙන්න තිබුණා. මගේ දරුවා මාව බේරගන්න මාව පැත්තකට තල්ලු කරලා වාහනේකට හැප්පුනාම!? ලැජ්ජයි මං ගැනම"

ගංගාවිගේ අප්පච්චි කිව්වේ රැළි වැටුණු නළල අතින් පිරිමදින ගමන්. අප්පච්චිගේ නළලේ දකුණු පැත්තට වෙන්න ප්ලාස්ටරයක් ගහලා තිබුණේ තල්ලු වෙලා ගිහින් බස් හෝල්ට් එක ළඟ ලයිට් කණුවේ ඔලුව හැප්පුන නිසා. කඳුළු ආවත් පිහදාන්න තරම්වත් ගානක් නොවුණේ එයාගේ හිත එයා වැරදියි කියලා පිලිගන්න පොළඹවන නිසා.

"මොනවා කරන්නද අන්කල්... වුණ දේ වුණා... ශානිකායි අන්කලුයි දැන් වැරැද්ද පටවගත්තා කියලා ගංගාවිට වුණ කරදරේ ආපස්සට හැරවෙන්නේ නෑනේ..."

"හ්ම්"  "හ්ම්"

ශානිකායි රන්දිමායි ගංගාවිගේ අප්පච්චිට එකිනෙකාව අඳුන්නලා දීලා තවත් විස්තර කතා කරකර හිටියා. රන්දිමාට ප්‍රැක්ටිස් යන්න ඕනි වුණත් සර්ට කෝල් කරලා කිව්වම සර් කිව්වේ අදට කමක් නැහැ කියලා. ශ්‍රියන්ත සර් එක්ක ලේසි නැති බව රන්දිමා දන්නවා, ගංගාවිගේ හදිසි අනතුර නිසා ශ්‍රියන්ත සර් අවස්ථාවක් දුන්න එකට හිත යටින් රන්දිමානම් උන්නේ ගොඩක් සතුටෙන්. ඒ අතරේ ශානිකාත් එයාගේ ලෙලි ගිහින් තිබුණ දනිස් දෙකට නර්ස් කෙනෙක්ට කියලා බෙහෙත් දාගත්තා.

හවස් වීගෙන එද්දි ගංගාවි හිටපු වාට්ටුවට අමුත්තෙක් ආවා. අමුත්තෙක් කිව්වට ශානිකාටවත් රන්දිමාටවත් ගංගාවිගේ අප්පච්චිටවත් එයාවනම් අමුත්තෙක් වුණේ නැහැ.

"නිමේෂ්?!?!?"

පුදුමෙන් පිරුණු ඇස්වලින් බලන ගමන් රන්දිමායි ශානිකායි දෙන්නම එකපාර කෑගැහුවා. ඒ සද්දෙට එහාපැත්තේ ඇඳේ හිටපු ලෙඩාගේ භාරකාරයත් ඇස් උඩ දාන් එයාලා දිහා බැලුවේ කන්න වගේ.

"ඔයා මොනාද මෙහෙ කරන්නේ?"

"ආහ් ම්-මේ... මං.... මේ..."

"ඔයාලා මේ පුතාව අඳුරනවද?"

"අන්කල් මෙයාව අඳුරනවද?"

"මේ ළමයාගේ වාහනේටනේ ගංගාවිව හැප්පුනේ... මේ ළමයම තමයි උදව් කළේ ගංගාවිව ඉස්පිරිතාලෙ අරන් එන්න"

ඔලුව පාත් කරන් ඉන්න නිමේෂ් දිහා රන්දිමා බලන් හිටියේ රතු වෙච්ච ඇස්වලින්. ශානිකාත් ඇස් කටේ දාන් බලන් හිටියේ හිතාගන්න බැරුව. මොකද එයා ඇක්සිඩන්ට් එක වෙච්ච වෙලේ දැක්කේ නැහැ ඒ ඉන්නේ නිමේෂ් කියලා.ඇස් පිල්ලම් ගහන සැනින් නිමේෂ් ගාවට ගිය රන්දිමා නිමේෂ්ව ඇදලා ගත්තේ එයා ඇඳන් හිටපු කොටු කොටු ශර්ට් එකේ කොලර් එකෙන්.

"රන්දි-"

"තමුසෙද ගංගාවිව හැප්පුවේ???"

"අනේ කියන එක අහන්නකෝ රන්දිමා..."

"කියනවා ඉතිං!"

"හිතලා හැප්පුවේ නෑ රන්දිමා.. සත්තයි බං... මං ටවුමට යන ගමන් හිටියේ... ස්පීඩ් එක කන්ට්‍රෝල් නැතුව ගියා"

"තමුසෙට කවුද ඕයි ලයිසන් දුන්නේ අස්සයෝ දුවනවා වගේ වාහන එලවන්න? හප්පලා හිටන් එනවා මෙතන තව නාහෙන් අඬන්නත්!"

"හරි හරි රන්දි ඇති... ඌ හිතලා නෙමෙයිලුනේ කරලා තියෙන්නේ..."

ශානිකාගේ කීමට රන්දිමා නිමේෂ්ව අතෑරියා. කවුරු කියන එක ඇහුවේ නැතත්, පිලිගත්තේ නැතත් ශානිකා කියන ඕනි දෙයක් රන්දිමා එකෙම්ම අහනවා, පිලිගන්නවා. මොකද රන්දිමා දන්නවා කොයිවෙලේකවත් ශානිකා එයාට ද්‍රෝහි වෙන්නේ නැහැ කියලා.

"තමුසේ ගැන පස්සේ බලාගන්නම්!"

දබර ඇඟිල්ල දික් කරලා නිමේෂ්ට තරවටු කරපු රන්දිමා ආායත් ගංගාවි ගාවින් ඉඳගත්තේ මූණට කියන්න බැරිවෙච්ච දේවල් හිතින් හිතහිත නිමේෂ්ට බැන බැනම.

..........................................

හායි 🙂

හයියූ එයා ඇක්සිඩන්ට් වෙලා 😭 මගේ සූටි සෝස මල 🥲

වචන ගොඩාාක් තියෙනවා අද හරිද, දාහටත් කිට්ටුයි හූම්🙂🔫

මං මේ අප්ඩේට් කරන වේගේ වැඩිද මංදා.... 🙂⛏️ ලියාගන්න පුළුවන් වෙයිද කියලා සාධාරණ සැකයක් එනවා 🙂🔫

මං language use කරන විදිහ රළු වැඩියිද?😐 ⁣

තැන්කූ කියෝනවට 😘

පරිස්සමින් ඉන්න ❤️❤️❤️

Nerdy Girl🌻 || GL Story || (COMPLETED ✅)Where stories live. Discover now