...............

"අඩෝ මෙන්න ගංගාවිගේ කන්නාඩි දෙක"

බස් එකක් එනකන් හෝල්ට් එකට වෙලා ඉද්දි ශානිකා දැක්කේ එතනම කුඩුපට්ටන් වෙලා තියෙන කන්නාඩි දෙකක්. දැක්කම අඳුරගන්න පුළුවන් ඒ කන්නාඩි දෙක ගංගාවිගේ කියලා. මොකද දන්නතරමින් එයාට විතරයි ඒ වගේ දුඹුරු පාට රවුම් හැඩේ තඩි කන්නාඩි දෙකක් තිබුණේ.
රන්දිමා ගිහින් පරිස්සමින් කන්නාඩි කුට්ටම අහුලගෙන එයා ඇඳන් හිටපු ශෝර්ට් කලිසමේ පොකට් එකකට දාගත්තා. 

අප්පච්චි මහ රෝහලට යනවා කිව්ව නිසා රන්දිමායි ශානිකායි රෝහල හන්දියෙන් බැහැලා කඩපේලි මැද්දෙන් හොස්පිටල් එක දිහාවට ඇවිදන් ගියා. දුර තියාම අප්පච්චි රෙසෙප්ශන් එක ගාව රෙසෙප්ශනිස්ට් එක්ක කතා කර කර ඉන්නවා දැකපු නිසා අඩිය ඉක්මන් කරලා එයා දිහාවට ගියේ මගෑරෙන්න කලින්.

"අන්කල් ගංගාවි?"

"ආහ් දූලා ආවද... චූටිව වාට්ටුවකට දැම්මා පුතේ"

"එයාට හුඟක් අමාරුද අන්කල්?"

"මේ දරුවා?"

"මෙයත් ගංගාවිගේ යාළුවෙක් අන්කල්... කලින් මං ගියේ මෙයාව එක්කන් එන්න තමයි"

"අහ් හරි හරි... මං මේ ෆෝම් එක පුරවලා එන්නම්, ඔතනින් දකුණට හැරිලා කොරිඩෝව දිගේ යද්දි තුන්වෙනි වාට්ටුවේ එයා ඉන්නේ ගිහින් බලන්න"

"හරි අන්කල්"

අප්පච්චි පාර පෙන්නලා ආයෙත් ලිය ලිය හිටපු පෑන අතට ගනිද්දි රන්දිමා ශානිකාවත් තදට අල්ලන් අප්පච්චි පෙන්නපු පැත්තට ගියා. යද්දි නර්ස්ලා දෙන්නෙක් සහ ඩොක්ට කෙනෙක්ට මැදිවෙලා වාට්ටුවේ ඇඳක දිගාවෙලා ඉන්න ගංගාවිව දැක්කම බලාපොරොත්තු තියන් ආපු මූණු ඉබේම මැලවුණේ ගංගාවි ඉන්න විදිහ දැකලා. හරියට සිහියක් පතක් නැතුව එක අතක සේලයින් කට්ටක් ගහලා ඔලුව වටේට බැන්ඩේජ් කරලා හිටපු ගංගාවිව දැක්කම කාට වුණත් ඉබේම කලකිරීමක් මුසුවෙච්ච සුසුමක් පිටවෙනවා. ගංගාවි වටේට වටවෙලා හිටපු කට්ටිය යනකන් වාට්ටුවේ ඇතුල්වීම ගාව හිටන් හිටපු ශානිකායි රන්දිමායි ගංගාවි ළඟට ගියා. ශානිකාගේනම් දැන් තුවාලත් වේලිලා ලේ පාරවල් කකුල් දිගේ හිටලා. චුට්ටක් ඇදුම් කෑවත් වැඩි ගානක් නොවුණේ දැන් ගොඩක් වෙලාවක් තිස්සේ ඒකට හුරුවෙලා හිටපු නිසා. රන්දිමා ⁣දහ සැරේක⁣ට වඩා කිව්වත් බෙහෙත් ටිකක් දා⁣ගමු කියලා ශානිකා කිව්වේ පස්සේ දාගමු, ඉස්සෙල්ලා ගංගාවිව බලලා ඉමු කියලා.

Nerdy Girl🌻 || GL Story || (COMPLETED ✅)Where stories live. Discover now