ඒක නෙවෙයි. පුතාගේ ෆොටෝ එකක් එවන්නකකො. කොල්ලා හැන්ඩ්සම් වෙලා වෙන්න ඇති නේද. අපේ ටේට කිව්වොත් එයා ගොඩක් සතුටු වෙයි.

නම්ජුන්ගෙන් ෆෝන් එක උදුරාගෙන ජින් කිව්වේ සතුටින්. එයාගෙ විදුරු පිහින හිනා හඬ සාලේ පුරා පැතිරුණා.

පොඩ්ඩක් ඉන්න. මම ඔයාලට ෆොටෝ එකක් එවන්නම් පුතාගෙ. බට්......... ඒ ගැන ටේ පුතාට කියන්න එපා.

යුන්ජිගේ කටහඬ අනිත් පැත්තෙන් ඇහුණේ හරිම ආයාචනාත්මක විදිහට.

ඒ මොකද යුන්ජි...?

ජින්ට මේක ප්‍රශ්නයක්. මොකටද ඒක ටේ ගෙන් හංගන්නෙ..? ටේ ඒක දැන ගන්න එකේ ඇති වැරැද්ද මොකක්ද? අනිත් එක තමයි ටේ කියන්නේ එයාගෙ අනාගත බ්‍රයිඩ්.

ටේ පුතා අපේ දරුවට අනන්තවත් කොලේජ් එකේදි කරදර කරලා තියෙනවා ජිනී ඔප්පා. අපේ දරුවට තියෙන්නේ හරිම කාරුණික හිතක්. අහිංසකයි තාම එයා. ටේ වගේ සැසී කෙනෙක්ව එයාට  එක පාරටම රූල් කරන්න අමාරු වෙයි. ඒත් පුතා කැමතියි ටේ ට අවස්ථාවක් දෙන්න. ඒත් ඒ හොඳ පෞරුෂයක් තියෙන කෙනෙක් විදියට. ටේව පාලනය කරගන්න විතරක් ම නෙවෙයි ඉස්සරහට බිස්නස් රූල් කරන්නත් පුලුවන් විදිහට පුතා එයාගේ මනස වර්ධනය කර ගත්තට පස්සේ ටේ එයාට භාර ගන්න පුලුවන් කියලයි පුතා කියන්නෙ...

යුන්ජි කිව්වෙ පැහැදිලි විස්තරයක්. ජින් ට තේරුණා තමන්ගේ හයිකාර පුතා කියලා කරලා තියෙන හරිය. ඒ දේවල් සේරම මට්ටු කරන්න පුළුවන් කෙනා හොබී ගේ දරුවමයි කියලා ජින්ට හොඳටම තේරුණා.

හරි යුන්ජි.. ඔයාලගෙ පුතාගේ ෆොටො එකක්..?

ජින් ඇහුවා

වට්ස්ඇප් චෙක් කරන්න. මම ශෙයා කරලා ඇති.

ජින් එහෙම්මම වට්ස්ඇප් එකට ලොග් වුණේ අනාගත බෑණගේ මූණ බලන්න.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Baby Bully ✔️Where stories live. Discover now