31 වන කොටස....

Start from the beginning
                                    

ඩියෝන්ලට වචනයක් නොකිව්වත්...මං වෙනුවෙන් කැමැත්ත දේවිද......???අප්පච්චි මං ගැන මොනවා හිතේ තියන් ඉන්න ඇතිද...මං අප්පච්චිගෙ බලාපොරොත්තු බින්දද........???

දරුවෙක් විදිහට මම අසරනයි......

මගෙ විතේන් ......ආදරෙන් බැටකාලා.....බැට කාලා අවසානෙදි  මං ගාව නැවතුනෙ මගෙන් එහා ලෝකයක් හිතන්න බැරි බව කියනකොට ....එයාව මට දාලා යන්න පුපුවන්ද......

පෙම්වතෙක් විදිහට මම අසරනයි......

මම ඔලුව බිත්තියට හේත්තු කරගත්තා එයා අහක බලන්  ඉනන්වා....සැරින් සැරේම එයාගෙ උගුරු ගැටෙ පහල යනවා.....

මං පොරොන්දු උනා නිතේශ් තමුසෙව දාලා යන් නෑ කියලා ...මට ආය ආය මැරෙන්න වැටෙන්න බෑ නිතේශ් ....

එයා කියවනවා.......මම වෙව්ලනවා...අම්මා සීයා තාත්තා ඉස්සරහා මොන තරම් මගෙ පැත්ත ගත්තා උනත්...අප්පච්චි මාව ඒ විදිහට දැක්කම.......

මේක යුරෝප් රටක් උනා නම්...අනේ දෙයියනෙ ..අසම්මතෙ සම්මතේ කියලා නෑ...ආදරේ...කියන්නෙ ආදරේටමයි කියලා මට නිදහසේ හුස්ම ගන්න තිබුනා......ඉපදෙනකොටම  දකුනු ආසියාතික රටක ඉපදෙනකොට බොරු විකාර සංස්කෘති එක්ක අපේ හීන බාගයක් උන් උදුර ගන්නවා.....ඒකත්...මේ අමුතු ඇටේ නම් ඉපදෙන්නෙ.....උන් ඉතුරු හරි අඩත් උදුර ගන්නවා.......අමුතු ඇටේ ඇතුලෙ අපිට ජීවිතයක් නෑ.....

අත්තම්මගෙ අම්මගෙ වචන ආය ආයම ඔලුව ඇතුලෙ කැරකෙනකොට එයාගෙ බර හුස්ම වගේම සිකරට් ගදෙන් නානකාමරේ පිරිලා යනකොට මම අප්පච්චි ඉස්සරහා මොනවද කියන්නෙ කල්පනා කෙරුවා .....

විතේන් ........

.............

ආදරෙ කරන එක වරදක්ද මගෙ විතේන් ......??

මම එයාගෙන් ප්‍රශ්ණයක් ඇහුවා එයා නෙවෙ මා දිහා බලන්නෙ.....

නෑ සුදු අප්පො......ආදරේ කරන එක වැරද්දක් නෙවෙ....හැබැයි...මිනිස්සු ආදරේට "ලේබල්" අලවපු එක වැරදි නිතේශ් .....

අහක බලන් උනත් එයා කියවනවා......

මම නැකිට්ටා....නැකිටලා ගිහින් එයාගෙ ඉස්සරහි හිටගත්තා ......සිකරට් එක දත් වලට හිර වෙලා තිබුනා වගේම කදුලු නැතුවම  ඒ ඇස් රතු වෙලා තිබුනා.....

BREATH OF LIFE (Complete)Where stories live. Discover now