දෙහදක පැතුම

643 59 568
                                    

Author's pov

"රූහි....................................."

"නිශේන්...." පිටිපස්සට හැරුණ රූහි කිව්වේ දුර්වල ඒත් නිවුනු කටහඩකින්.

"රූහි මට විනාඩි පහක් දෙනවද?නම්ජූන් plz..." නිශේන් ඒ විදිහට ඉල්ලද්දි බෑ කියන්න රූහිට වගේම නම්ජූන්ට පුලුවන් කමක් තිබුනේ නෑ .

"කියන්න නිශේන්." රූහි හිනාවෙලා කියද්දි නිශේන්ටත් හිනාවක් ගියේ නොදැනුවත්වම .

"මම දන්නවා මේක කියන්න ඕන මම නෙවෙයි,ඒත් රූ........." නිශේන් කියාගෙන යද්දි රු කියද්දි නම්ජූන්ගෙන් ලැබුන බැල්ම නිසා ආයෙමත් හිනාවෙලා කතාව වෙනස් කලා.

"රූහි පුලුවන්නම් කවදකමහරි දවසක මගේ තාත්තට සමාව දෙන්න.මගේ තාත්තා ඒ තරම් පහත් වැඩ කරලා කියලා මම දැනගෙන හිටියේ නෑ .ඔයා ඔයාගේ අයියා මේ හැමෝම එයා නිසා විදෙව්වා.හැමෝගෙන්ම මම සමාව ඉල්ලනවා.සමාවෙන්න.

රූහි,අතීතෙන් එලියට ඇවිත් සතුටින් ජීවත් වෙන්න.ඔයාට පුලුවන්.
මට සමාවෙන්න .ආයෙමත් මම ඔයාගේ ඉස්සරහට එන්නේ නැතිවෙයි රූහියා.මම දන්නවා ඔයා නෑ කිව්වත් මාව දැක්කම මගේ තාත්තව ඔයාට මතක්වෙනබව.

සතුටින් ජීවත් වෙන්න.නම්ජූන්,මම උබට පොඩ්ඩක්වත් කැමති නෑ .හරියට උබ මට පොඩ්ඩක්වත් කැමති නෑ වගේ.ඒත් ඒ තරම රූහි ඔයාට ගැලපෙන කෙනෙක් නෑ රූහි.නොකිව්වත් මම දන්නවා නම්ජූන් ඔයාව බලාගන්නවා කියලා.මේ ලෝකේ මම ගොඩක්ම ඉරිසියා කරන පිරිමියා උබ නම්ජූන්.ඒ වගේම මම හදවතින්ම සතුටුවෙනවා රූහි උබව තෝරගත්ත එකට.
රූහි,නම්ජූන්ට ආදරේ කරන්න ගොඩක්.මේ වගේ පිරිමි ලෝකේ හරි අඩුයි.දෙන්නම සතුටින් සනීපෙන් ඉන්න.

නම්ජූනා,දෙයක් ඉල්ලන්නම්.හ්ම්.........මේක මේක සාදාරණ ඉල්ලීමක් නෙවෙයි ඒත්,එක දවසක උබේ මේ පවුලට හුරතල් පුංචි පුතෙක් ලැබුණොත් පුලුවන්නම් මගේ නම තියපන්..උබ දන්නවා මම එහෙම ඉල්ලන්නේ ඇයි කියලා.මම එදා කියපුවා මතක තියගනින් නම්ජූනා.

මේ ආත්මේ බැරිවුනත් ලබන ආත්මෙක මගේ හොදම යාලුවා වෙයන්.නොදන්නවා උනාට මම උබෙන් ඉගන ගත්ත දේවල් ගොඩායි.එදා මම ඉක්මන් වුනානම් නෑ.......කවමදාකවත් මට උබේ තැන ගන්න බෑ.

The Gift Of Love (Mr.perfect 2 After Marriage )Where stories live. Discover now