" අන්කල් යමු.... "

" හරි බේබි... ජැක්සන් බේබි එනවද ?"

" එයා එන්නේ නැතෑ... අපි යමු මට පරක්කුයි..."

ජැක්සන් එනවද නැද්ද කියලා වත් මං දන්නෑ මං කාර් එකට නැග්ගහම අන්කල් කාර් එක ස්ටාර්ට් කලා... කාර් එක ගේට් එකෙන් එලියට දාද්දී මං නිකමට හැරිලා බලද්දියි දැක්කේ දොර ගාවට දුවගෙන ආව ජැක්සන් ඉනට අත්දෙක තියන් බලන් ඉන්නවා... පව් ඉතින් අදත් මං ඒකාව දාලා ගියා... බායි ජැක්සන්...

අපේ ලේන් එකේ තිබ්බේ ඔක්කොම Luxury ගෙවල් තමා... මොකද ඉතින් ගෙවල් වල මිනිස්සුන්ගෙ හැටියට එයාලා කැමති නෑ පොඩි තැන් වල ඉන්න... මල විකාර ඉතින්.. මට නම් ඕවා ගානක් නෑ මං කොහොමත් ඉන්නේ මගෙ කාමරේ ඇතුලේ විතරයි... මං ජීවිතේ ආසම තැන ඒක වෙන්න ඇති... ඒ තරම් නිදහස්...

අපේ ගෙදර පාස් වෙලා ගෙවල් 3ක් විතර යද්දී මට ඒ පැත්ත බැලුනේ නිකමට වගේ... වාහන කිහිපයක් නවත්තලා තියෙද්දී මට තේරුනා අලුත් කට්ටියක් ඇවිත් කියලා... මොකද ඒ ගෙදර හිටියේ වයසක අන්කල් කෙනෙක්... එයා මැරුනහම එයාගෙ ලමයි ගෙදර දැම්මා විකුණන්න...ඒ ගෙදර මිදුලේ මගෙ කොලේජ් එකේ යුනිෆෝම් එකක් ඇදන් ඉන්න කෙනෙක්ගෙ පිටිපස්ස මං දැක්කත් කාර් එක වේගෙන් යද්දී මං ඒ කවුද කියලා දැක්කේ නෑ...

Beijing Town එකට එනකන්ම මං ඇස් පියන් හෙඩ්සෙට් එක දාගෙන ඉද්දී පුරුද්දට වගේ මං ඇස් ඇරියා... ඔව්ව් කොලේජ් එකට තව ටික දුරයි...

රිදෙන නොරිද්දන කම්මුල් අවුස්සලා
කියඹුලතා ඇයි මාව කොනිත්තලා
ආදර සැලසුම් සිහින නෙවෙයි කිසිදා
ගැහෙන්නේ  දෙව්ලිය පපුවේ හුස්ම තියා
මා ඇවිලිලා නිවෙනවා...
ඇවිලිලා මා නිවෙනවා...

උණුසුම් දෙතොලේ හැගුමක් කිතිකවනා
සද නැති රෑ තරු සියොලග කතා කලා
අත අතනෑරම නොනිදා පහන් කලා
නිදි නැති මැදියක උණුහුම ඉපැද්දුවා
මා ඇවිලිලා නිවෙනවා...
ඇවිලිලා මා නිවෙනවා...

𝗠𝘆 𝗕𝗼𝘀𝘀𝘆 𝗛𝘂𝘀𝗯𝗮𝗻𝗱 🧑🏻‍✈️🚁   ✔️Место, где живут истории. Откройте их для себя