26වන කොටස.....

Start from the beginning
                                    

මම ලොකු හුස්මක් ගත්තා ..මට බෙහෙත් වලට කොහොමත් නින්ද යනවා...අනේ ඒත් මගෙ විතේන් .....එයා නිදාගනීද..නෑ ....එයා ඇස්පිල්ලමක් වත් නොගහම මං දිහා බලන් ඉදීවි.......

ඔයාට මං ගාව ඉන්න එක වදයක් නේද පන   .....

එහෙම නෑ සුදු අප්පො.....මං කොහෙ යන්නද....

ඒත්..ඔයා....

නිකන් මෝඩ කතා කියන්න එපා නිතේශ්...තමුසෙ කියන්නෙ මට ගෙදර ගිහින් බුදිය ගන්න කියලද....තමුසෙ මෙහෙ මැරෙන්න වැටිලා ඉන්නකොට ගෙදර ගිහින් නාලා කාලා සැපට නිදාගන්න තිබුනා මාත් තමුසෙගෙ සීයා තාත්තට ජාතක උන එකෙක් නම්....නිතේශ් මම මෙහෙම උන්නට කේන්තියෙන් ඉන්නෙ නිතේශ් ....

මගෙ ඇස් දෙක ලොකු උනා..."උඹ" කියන වචනෙ  කොච්චර තරහෙන් කිව්වා උනත් ඒ වචනෙ ඇතුලෙ තියන මගෙ කියන හැගීම මට ඕනවටත් වඩා දැනුනා උනත්....තමුසෙ කියන වචනෙ ඇතුලේ තිබුන වේදනාත්මක තරහව මම ඒ ඇස්වලින් දැක්කා...."තමුසෙ...." ඒ එයා මට බැනපු පලවෙනි වචනෙ.....

මට.....මට...සමාවෙන්න...සුදු මහත්තයා ....මට...මට උඹව දාලා යන්න බයයි...මට...උඹව මෙතන තියලා ගිහින් නිදාගන්න බයයි උඹ මහ මෝඩයි නිතේශ් ....හිතන්නෙ බලන්නෙ නැතිව මැරෙන්න යනවා..මට මොකද වෙන්නෙ නිතේශ් ...ආදරේ කරන්නෙ අතාරින්න බලන් නෙවෙ පන.....උඹගෙ අප්පච්චිට මොකද වෙන්නෙ.......මට බෑ උඹව දාලා යන්න මාව කේන්ති ගස්සන මෝඩ ප්‍රශ්න නාහා ඉදින් රත්තරන් ....

බැනලා එකම එක තත්පරයක් ඇතුලත එයා ආය ආයම සමාව ගත්තා .....එයාට බැ මට රිදවන්න....එයාට බෑ මාව අඩවන්න........මොකද...ආදරේ උතුරන්න තියන හිතකට බෑ කවදාවත්  අනිත් කෙනාට වේදනාවක් දෙන්න.....

මගෙ විතේන් ....එපා පන මට මෙච්චර ආදරේ කරන්න....

මං උඹට ආදරේ නොදී වෙන කාට ආදරේ දෙන්නද මගෙ සුදු මහත්තයා ......

එයා මගෙ ඇද ගාවට හේත්තු වෙලා මගෙ ඔලුව අතගෑවා....මම එහෙම්ම පැත්තට හැරිලා එයා ඇදන් උන්න ටී ශර්ට් එක පොඩ්ඩක් උස්සලා නිරුවත් බඩට මගෙ මූන තද කරගත්තා ........සනීපයි....ඒවගේම උනුසුම් .......සුවදක් කියන්න දැනුන් නෑ....ලාවට වගේ දාඩිය කුයිලයක් එක්ක එයාගෙ හේදිලා ගියපු ෆර්ෆියුම් සුවද ආවා...එක අතකට නෑවම හේදිලා යන ෆර්ෆියුම් සුවද මොකටද...මට එයාගෙන් එන ඇත්තම සුවද නැතිව.........

BREATH OF LIFE (Complete)Where stories live. Discover now