episode 17(the truth)

16 7 0
                                    

University එකෙන් පසු yeonjun තනිවම තමන්ගෙ නිවසට පිටත්ව ගියේ sohi ට teahyun සමග වෙනම කතාවක් තිබුනු නිසාවෙනි.ඔහු යන මග දිගටත් soha ඔහුගේ පසුපසින් පැමිණියා.yeonjun තමන් පසුපසීන් එන අයෙකා ගැන මේ දිනයන්හි ලොකු අවදානෙකින් හිටියා.අද දිනයේදීවත් තමන් පසුපසින් එන අයෙකාව අල්ලා ගැනීමේ උවමනාවෙන් ම yeonjun වෙනත් පැත්තකින් තමන්ගෙ නිවසට ගියා.ටික දුරක් යද්දි soha ට yeonjun ව මග හැරෙන්න ගත්තා.soha ඔහු කොහේ සිටිනවාදැයි බැලුවත් ඔහු පේන්න සිටියේ නෑ.එක් වරම yeonjun තමන්ගෙ ශක්තියෙන් soha ව රවුමක් තුල සිර කලා.

💚අද තමුන් මගේ අතටම අහු වෙලා ඉවරයි.....

🍁ඔයා මට ඕන ම දෙයක් කරන්න song ha....ඒත් මන් කියන දේ අහන්න....

💚song ha..????

🍁හම්.....ඔයා හිතනවනම් ඔයා ඉන්නෙ හොදින් කියලා....නෑ...yeonjun..ඔයාලා මේ නගරේ ඉන්න හැම ආත්මයක්ම වීනාශ කරන්න ඇති.ඒත් ඔයාලට බලවත් ම කෙනා මගහැරැනා....ඒ min su....එයා ඔයාගෙ පස්සෙන් එන්නෙ song ha...එයා ඔයාගෙ වගේ ම ඔයා ලගින් ඉන්න අයටත් කරදර කරාවි...ඒ නිසා ඔයාට sohi ගෙන් ඈත් වෙන්න වෙනවා.....

💚තමුන් මොන විකාරයක්ද කියවන්නෙ....මන් කොහොමද තමුසෙව විශ්වාස කරන්නෙ.....

Yeonjun එහචම කියනවත් එක්ක ම soha yeonjun විසින් හදපු රවුමත් පහු කරන් ආවෙ ඒ වන විටත් ඔහු අර්ධයක් මනුෂ්‍යයෙක් වූ නිසයි.ඒත් එක්ක ම soha yeonjun ගෙ අත අල්ල ගත්තා.ඒ මොහොතේ yeonjun ට දැනුනෙ තමන්ව පිච්චිලා යනවා වගේ හැගීමක්.එක දිගට නොකඩවාම තමන් පිසාච ලෝකයේ ගත කරපු මතකයන් සක්සුදක් සේ ඔහුට මතක් වෙන්න ගත්තා.ඒ නිසාම ඔහුට ඔහුගේ පාලනය නැති වී යන වගක් දැනෙන්න ගත්තා.yeonjun soha ගෙ අත ගස්සලා හයියෙන් කෑ ගහන්න ගත්තේ තමන්ට එන පීඩනේ දරාගන්න බැරිව......

🍁ටිකක් ඉවසන්න song ha....ඔයාගෙ මනස පාලනේ කරගන්න...

💚ආ.......හ්....නෑ....නෑ...නෑ......නෑ....

yeonjun ගෙ සිතට දැඩි වේදනාවක් දැනෙන්න ගත්තෙ තමන් පහු ගිය කාලයන්හි කල දේවල් නිසයි.ඒත් එක්ක ම ඔහු එතනම බිම ඇදගෙන වැටුනෙ තවත් අප්‍රාණික වෙන ගමන්..

💚වේහ්....soha...මන් මොකක්ද දෙයියනෙ මෙච්චර කල් කරලා තියෙන්නෙ....මන් මගේ පවුලෙ අයව ම මරලා දැම්මා නේද.....මන් ඇයි මේ විදියට අතරමං වුනේ soha....මට තේරෙන්නෙ නෑ...මට මැරෙන්න තරම් තරහක් මන් ගැන එනවා soha....

💞....Vampire  Boyfriend....💞[ℂ𝕆𝕄ℙ𝕃𝔼𝕋𝔼𝔻❦︎]Where stories live. Discover now