කඳුළක අවසන

Start from the beginning
                                    

"එයා බයයි ජිමිනා,එයා බයයි තවත් අනිත් අය දුක්වෙනවට.එයා හිතාගෙන ඉන්නේ ඔයාලා එයා එක්ක තවම තරහාබව.

රූහි දැන් ඉස්සර හිටපු රූහි නෙවෙයි .පොඩි දේටත් බයවෙන කලබලවෙන කෙනෙක්.එයා පුංචි දරුවෙක් වගේ දැන් .

අද මාස ගානකට පස්සේ එයා හිනාවුනා ඇත්තටම.එයා ඒ දේවල් අමතක කරන්න උත්සාහ කරනවා.

එයා වත්තේ ඇති ඉන්න මම එක්කගෙන එන්නම්" නම්ජූන් කියද්දි ජිමින් ඔලුව වැනුවා.

"නම්ජුනා,මම යන්නද?" හැමෝම පුදුම වුනේ යුන්ගිගේ කටහඩින්.

"හ්....හ්‍යුන්ග්......හරි....යමු මම පෙන්නන්නම් එයා ඉන්න තැන.මෙතන ඉඳන් ටිකක් දුරයි."නම්ජූන් කියද්දි යුන්ගි වගේම ජිමිනුත් නම්ජූන් එක්ක ආවේ අනිත් අය නවතිද්දි.

සුන්දර නිස්කලංක පරිසරයක් එක්ක ඈතට විහිදුන පඳුරු වගේම මල්‍ යායක් එක්ක තැනින් තැන විසිරුන ලොකු ගස් එක්ක ඒ කන්ද මුදුන හරිම හිත නිවන තැනක් වුනා.
කන්ද මුදුන නිසා දැනෙන මද සීතල ඕනම කෙනෙක්ගේ ඇගට සනීපයක් වුනා.

"හ්‍යුන්ග්........අර ඉන්නේ එයා.අර චෙරි බ්ලොසම් ගහ යට. " නම්ජූන් එයාලට ටිකක් ඈතින් චෙරි බ්ලොසම් ගහක් දිහා බලන් ඉන්න රූහිව පෙන්නුවා.

"හ්....හ්‍යුන්ග්...නූනා....නූනාගේ කොන්ඩේ?" ජිමින් නම්ජූන්ගෙන් අහද්දි නම්ජූන් ලොකු හුස්මක් පිටකලා.

"එයාට එයාවම පාලනේ කරගන්න සමහර වෙලාවට අමාරුයි ජිමිනා.මම සතුටු වෙනවා එදා එයා කොන්ඩේ විතරක් කපලා දාන්න හිත හයිය කරගත්ත එක ගැන.

එයා හුරතල් නේද short hair එකට?
එයා ඇහුවොත් කියන්න." නම්ජූන් හිනා වෙලා කියද්දි ජිමින් නම්ජූන්ව බදාගත්තේ යුන්ගි කදුලු පුරවන් නම්ජූන් දිහා බලද්දි.

"එයා අද තමා මගේ ඇස් මානෙන් මේ තරම් වෙලා ඈත්වෙලා හිටියේ.අද මට බයක් හිතුණේ නෑ .එයා හිනාවුනා ඇත්තටම."නම්ජූන් ලස්සන ඩිම්පල් හිනාවකින් කියද්දි යුන්ගි නම්ජූන්ගේ පිටට තට්ටුවක් දාලා රූහි ඉන්න තැනට යන්න පිටත් වුනා.


------------------------------------------------------------------------------------------------------------------------------------

The Gift Of Love (Mr.perfect 2 After Marriage )Where stories live. Discover now