" ඕක අලවගන්න, ලේ ගලද්දි වැඩ කරන්න බැහැනේ? "

සුකි ප්ලාස්ටර් දිහා බලලා ආපහූ ජිමින් දිහා බලද්දි ජිමින් කියලා දැම්මේ මෙච්චර වෙලා ජිමින්ගේ මූණ වහන් හිටිය මාස්ක් එක ගලවලා පැත්තකින් තියද්දි.

" ජ්...ජ්....ජිමින්? "

කෙල්ලට එකසැරේටම හිමීට මිමිණුනේ ඇස් දෙකත් බෝල සයිස් වෙද්දි. ඒත් එක්කම සුකි ජිමින්ට බෝ කරලා ප්ලාස්ටර් තුනත් අරන් එතනින් කෙලින්ම කිචන් එකට ගිහින් ට්‍රේ එක තියලා දුවන් ගියේ වොශ්රූම් එකට.

" හුවෑආආආආආආආආ.....?!!!!!!!
අන්ද්වේ.... එයා...එයා ඇත්තටම එයාමද??!!!!
අන්දෙවේ.... අම්ම්මේඑ......
එයා... එයා ඇත්තටම මාත් එක්ක කතා කරදා? ඇත්තටම??
අනියෝඕඕඕ... පාක් ජිමින්න්න්න්න්න්න්න්න්න්..... "

කෙල්ල වොශ්රූම් එකේ මිරර් එක ඉස්සරහා ඉදන් සිංහලයි, ජැපනිසුයි තව දන්න කොරියනුයි ඔක්කොම දාලා කෑගැහුවේ ජිමින් ඉස්සරහා එලියට එන්න තිබ්බ හැගීම්...

" ඔ..ඔයා හොදින්ද අක්කේ? "

එකසැරේටම කෙල්ල හරි සිහියට ආවේ වොශ්රූම් එකේ හිටිය තව ගෑනු ළමයෙක් කතා කරපු නිසා.

" එහ්? ආ... හයි ( ඔව් )
සුමිමසෙන්... "

සුකී එහෙම කියලා වොශ්රූම් එකෙන් එලියට ආවේ ඉස්සෙල්ලා සාක්කුවට දාගත්තු ප්ලාස්ටර් තුනත් සාක්කුවෙන් එලියට ගන්න ගමන්

" නෑ... ලේ ගිහින් මැරිලා ගියාත් මම මේ තුනනම් යූස් කරන්නේම නෑ... "

කියලා සිංහලෙන් තමන්ටම මුමුණගන්න ගමන්.

" සුකී සන් ඔයා අද ඔෆ් එකක් ඉල්ලලා තිබුනා නේද? "

ඒ එක්කම වගේ රෙන් සුකිගෙන් ඇහුවේ සුකීට ඔෆ් එක මතක් වෙද්දි...

" අර්‍ර්... ඔව්මනේ??
මට අමතක වුනා... "

" හරි එහෙනම් ඔයා යන්න සුකීසන්,
යද්දි මතක් කරලා බුක් එක සයින්ග් කරලා යන්න. "

" හයි ( හරි ) "

සුකි එහෙම කියලා රෙන්ට බෝ කරලා ස්ටාෆ් රූම් එකට ගිහින් ලෑස්තිවෙලා බැග් එකත් එල්ලගෙන ආවේ කොෆි ශොප් එකෙන් එලියට යන්න උනාත් කෙල්ල ආපහූ යන්න කලින් ජිමින්ගේ ටේබල් එක දිහා බැලුවේ ආපහූ කවදාකවත් එයාව දැකගන්න බැරි වෙන නිසායි.

" එකසැරයක් හැරිලා බලන්නකෝ ජිමින්ශි... "

සුකීට ඒ වෙලාවේ ඔනේ වුනේ ජිමින්ගේ එක බැල්මක් විතරයි...ඒත් එක්කම වගේ ජිමින්ටත් මුලු කැෆේ එකේම තමන් හොයපු ඒ ඇස් දෙක තමන්ගේ ඇස් දෙකට තුන්වෙනි වතාවටත් හමුවුනේ සුකී ඒ අවස්ථාව ප්‍රයෝජනයට අරන් ජිමින්ට ස්තූතියි කියන්න වගේ පොඩි හිනාවක් දාලා බෝ කරද්දි...

" අරිගත්තෝ... ~ "

සුකී ජිමින්ගේ ඇස් දෙක දිහා බලාගෙන මිමිණුවේ ජිමිනුත් ඔලුව පොඩ්ඩක් නමලා කෙල්ලට ආචාර කරද්දි.

ජිමින්ගේ බෝ එකෙන් පස්සේ කෙල්ල ආපහූ සැරයක් හිනාවෙල කොෆි ශොප් එකෙන් එලියට ආවේ බලාපොරොත්තු රොත්තක් හිතේ තියාගෙන...

Heart to Heart...|ᴘᴊᴍWhere stories live. Discover now