Chapter 03 💫

En başından başla
                                    

තමන්ගේ ආදරේ වෙනුවෙන්ම මැරිලා යන ෆීනික්ස් එයාගේ මරණෙට හේතු උනු ඉර වෙනුවෙන්ම අර අලුවෙලා ගිය අලු වලින් ආයෙත් ෆීනික්ස් කෙනෙක් හැදිලා ආයෙ ආයේම ඉර ලගට පියාඹනවා..."

ඒ තමයි ෆීනික්ස්ගේ ආදරේ..!!

ඒ වගේම මොහුත් හදට ආදරෙයි..ගොඩක්..එයාට හද නොලැබුනත් එයාට දවසක හදක් වගේ කෙනෙක් ලැබෙයි..අපි ප්‍රාර්ථනා කරමු ඒ ලැබෙන හද ඉරක් නොවී හැමදාම හදක් වෙලාම ඔහු ලග සිටීවා කියලා...

ජන්කුක් ආයෙම ගහ දිගේ බඩගාගෙන ඇවිත් සිනිදු තනකොළ ගොඩ උඩ වැතිරිලා මනුස්ස රූපෙට ඇවිලා කාමරේට ගියේ නිදා ගන්න..නින්දට යන්න කලින් තමන්ගේ දෙව්දුව අදහන්නත් අමතක කරේ නෑ...

( ජිමින් හැමදේම හොයා ගනිවී වගේ නේ 🙂)

@ Next Day Morning

Jungkok Pov...

අද දවස ජූලී 24 ..හරියටම තව දවස් 10කින් ආයේත් ඒ දවස එනවා කියලා මතක් වෙද්දි මගෙ ඇගේ හිරිකඩු පිපෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ..Mamba කෙනෙක් වෙලා ඉපදුනේ මන් මොන හේතුවකටද කියලා නම් දන්නේ නෑ..ඒත් මන් මෙහෙම  ඉපදෙන්නත් මොකක් හරි ලොකු පවක් කරන්න ඇති.
ඒත් ලෝකේ මෙහෙම කියමනක් තියෙනවා..

' කෙනෙක්ව දෙවියෝ මවන්නේ අනිවාරෙන්ම යම්කිසි අරමුණක් ඇතිව ' කියල..

මගෙ අරමුණ දැනටමත් පැහැදිලියි..මන් ඒ අරමුණට යනවා...මට තියෙන ලොකුම ප්‍රශ්නේ අපේ උන්ව දැන් වදවෙන්න අරන් තියෙන එක..ඒක කොහොම හරි මම නවත්තන්න ඕනේ...

මට එක පාරම මතක් උනේ එදා දැකපු කෙල්ලව..ඒ ඇස් දෙක හරිම ලස්සනයි..දන්නවද Black Mambaලාට පලමු බැල්මෙන්ම ආදරයක් ඇති වෙනවා..ඒත් මට එහෙම වෙන්න විදිහක් නෑ..මොකද මන් සර්පයෙක්...එයා මනුස්සයෙක්..ආදරේ කරත් කවදාවත් එකතු වෙන්න බෑ..එහෙම උනොත් ?? ....අපි ඒ ගැන කතා නොකර ඉමු...

Office එකට ඇවිල්ලත් ඇයි මට ඒ ඇස්  දෙක  විතරක්  මැවෙන්නේ...මන් දන්නේ නෑ එයා කව්ද කියන්න...ඒත්

   💫   🖤  °°__BLACK MAMBA__°° 🖤💫  On Going  [ Jk ]Hikayelerin yaşadığı yer. Şimdi keşfedin