Chapter 03 💫

411 120 33
                                    

මතක නැත්තන් කලින් එක කියවලා එන්න හොදද..😊❤️

___________________________________________________________

ඒ Black mambaලා ගැන ඇත්තම තොරතුරු තියෙන පොතක්..ඒ පොත ලියලා තියෙන්නෙ විශේශ කෙනෙක්...වගේම මේ කතාවට රහසක් උනු කෙනෙක්...

ජිමින් පිටුවෙන් පිටුව කියවන් යද්දි ජිමින්ට අහුවුනු විශේශ කරුණු සටහන් කරගන්නත් අමතක කරේ නෑ.
පොත කියවන් ගිය ජිමින්ට පුදුම දෙයක් හම්බුනා...

"Black Mamba දෙව්දුවට හිසවල් පහක් තිබෙන අතර ඇය බොහෝ දුරට මිනිස් දෙව්දුවක් ලෙස ඇයගේ බැතිමතුන් හට පෙනි සිටී..අනිවාර්‍යෙන්ම Mamba කෙනෙකු මෙම දෙව්දූව ඇදහිය යුතුය..."

ඒ දේත් ජිමින් සටහන් කර ගත්තේ අනාගතේ දවසක ඕනේ වෙයි කියලා හිතන ගමන්..

අනිවාරෙන් ජිමින්ට ඕනේ වෙයි..ඉස්සරහට...

@Night

හද අද ගොඩක් ලස්සනයි..ඒත් හද අද අහසේ තනිවෙලා..තරු කැට අදුරු අස්සේ හැන්ගිලා වගේ..හද එළිය වැටිලා දිලිසෙන තමන්ගේ ගාඩ්න් එක දිහා  බලාගෙන  හිටිය  ඔහුට  හද  එලිය අල්ලන්න  අසාවක්  ඇති  උනා...

ඒක  නම්  විහිලුවක්  වගේ...

හද එලිය අල්ලන්න  කාටවත්  බෑ...

හද එළිය යට  හිටිගත් ඔහු හද දිහා බලාගෙන ඉදලා ඇස් දෙක පියා ගත්තේ ඔහුගේ සැබෑ ස්වරූපයට පත් වෙන ගමන්..දිව දෙකක් එළියට දාන ගමන් එතන තිබ්බ ලොකු ගහක කද , අතු ,කොළ අස්සෙන් බඩගාන් ගිහිල්ලා ගහේ අත්තක නැවතිලා නැවත ඔහු මනුස්ස වේසයට ආවා...ඔහු හිටියේ ගහක අත්තක ඉදගෙන කකුල් දෙක පහලට එල්ලෙගෙන...

" හදට බැරිද මගෙ වෙන්න..."

කියලා හද දිහා බලාගෙන ඔහු මිමිනුවා...

හදට ආදරේ කරන සත්තු ඉන්නවද ?..

ඉරට ආදරේ සත්තු ඉන්නවද  ?...

මන් මෙහෙම කතාවක් කියන්නද..හැබැයි මන් වැරදි ඇති...

" ෆීනික්ස් කියලා කුරුල්ලෙක් හිටියලු..එයා අර ගිනි කන්දක් පුපුරලා ගලන ලාවා වගේ තියෙන ඉරට ආදරේ ගොඩක් ආදරෙයිලු..හිරු එළිය හැමෝටම රශ්නෙයි..ඒත් ෆීනික්ස්ටඑලිය හරිම සීතලයිලු වගේම සනීපයිලු..එයා හැමදාම ඉර ලගට පියාඹනවා.ඒත් එයාට ඉරේ රශ්නේ දරා ගන්න බැරුම් එයා පිච්චිලා අලුවෙලා යනවා..හිරු එලිය එයාට දුරට සීතල උනාට ලගට ගොඩක් රශ්නෙයි කියලා එයාට තේරෙන්න ඇති ..

   💫   🖤  °°__BLACK MAMBA__°° 🖤💫  On Going  [ Jk ]Where stories live. Discover now