" යාහ්..ඔය ආයෙත්...මට ස්තූති කරන්න එපා ජන්කුක්ශි..මේක මගෙ සතුට.මම හදවතින්මයි මේ දේවල් කරන්නෙ.."

" දේ. ඒත් එහෙම නොකර මට බෑ සේහා.ඔයා නිසයි අද මම සතුටින් ඉන්නෙ...අනික මට ජන්කුක්ශි කියන්න එපා.මමත් ඔයාගෙ වයසනෙ.ජන්කුක් කියලා කතා කරන්න... "

" ජන්කුක්....දැන් හරිද? "
කොල්ලාගෙන් ඈත් වෙලා එහෙම කියපු කෙල්ල හිනාවෙන්න ගත්තෙ ජන්කුකුත් හා දත් ටික එළියට දාන ගමන් හිනාවෙනකොට.

****


" ඔය දේවල් වලට මම වගේම ටේහියුන්ගෙ අබොජිත් කැමති නෑ සේහා.අනික ඔය වගේ දේකින් අපිට ඇති වෙන කැළල වහගන්නෙ කොහොමද ?...ලෝකයක් දන්න කිම් එන්ටර්ප්‍රයිසස් වල අයිතිකාරයාගෙ පුතා සමලිංගිකයෙක් කියලා හැමෝම කතාවෙනකොට අපි කොහොමද දරාගන්නෙ...? මට කියන්න..."

කෙල්ල ටේහියුන්ගෙ ඔමොනි ගාව.ඔමොනිගෙ වචන ඉස්සරහ සේහා ගොඩක් දුර්වල වුණා.මොකද එයාලගෙ පැත්තෙන් එයාලත් වැරදි නෑ.

" ඒත් ආන්ටි මම කියන දේ පොඩ්ඩක් තේරුම් ගන්න..එයාලට එයාලගෙ ජීවිතේ විඳින්න ඉඩ දෙන්න..අනික දැන් ලෝකෙ දියුණුයි.ඉස්සරට වඩා වෙනස්.මිනිස්සු හිතන විදිහ වෙනස්...කොටින්ම ආදරේ කියන්නෙ ආදරේට ආන්ටි....! "

කෙල්ලගෙ හැමවචනයක්ම බිම බලාගෙන අහගෙන හිටපු ටේහියුන්ගෙ ඔමොනිට තිබුණෙ ලොකු දුකක්.මොකද ටේහියුන්ගෙ ඔමොනිවත් අබොජිවත් කැමති වුණේ නෑ තමන්ගෙ එකම දරුවා දුකින් ඉන්නවා බලන්න.

ඒත් අම්මෙක්ට තාත්තෙක්ට බැරි නෑ නේද තමන්ගෙ දරුවොන්ගෙ සතුට වෙනුවෙන් අනිත් මිනිස්සුන්ගෙ කතා නෑහුන ගාණට ඉන්න...

" හරි සේහා..මට ඕනෙ මගෙ ටේහියුන් සතුටින් ඉන්නවා බලන්න විතරයි.මම අන්කල් එක්ක මේ ගැන කතා කරන්නම්..."

" අනේ ඔයාට කුමාවෝ හේජින් ආන්ටි...! "
කෙල්ලගෙ සතුට මූණ පුරාම විහිදෙද්දි ඊළඟට ටේහියුන්ගෙ ඔමොනි අහපු ප්‍රශ්නෙන් සේහාගෙ හිනාව මැකිලා ගියා.

" ඒත් මට කියන්න සේහා..එතකොට ඔයා ටේහියුන්ට ආදරේ කරේ නැද්ද?..."

" නෑ ආන්ටි...අපි දෙන්නා යාළුවො විතරයි..."

𝖤𝗇𝖽𝗅𝖾𝗌𝗌 | 𝖳𝖺𝖾×𝖪𝗈𝗈𝗄×𝖦𝗂𝗋𝗅 | ✔️Where stories live. Discover now