අපිට ඇත්තටම අනිත් අය වගේ ආදරේ කරන්න බැරි ද? අපි ගොඩක්ම වෙනස් ද? අපි වෙනස් ඇති නේ ද? අපි හිත හදාගන්න තරම් ශක්තිමත් ද? අපි වෙන් වෙනවා කියන්නේ අපිට ඉස්සර වගේ ආදරේ කරන්න බැරි ද? සමහරවිට....

.
.
.
.
.
.

"අන්ශ්! මාත් එන්න ද ඇමරිකා යන්න?"

"සේරම අතඇරලා ද?"

මගේ හිත රිදෙද්දිත් ඇයි මම මනස්ව ලගට ගන්නේ නැත්තේ? ඒත්,මනස්ගෙ අම්මා තාත්තා!

"අපි වෙනස් වෙයි ද අන්ශ්?"

"සමහරවිට.... මනස්"

" ඒ කියන්නේ මේක දුක්බර සමුගැනීමක් ද? ආදරෙන් වෙන්වීමක් ද?"

"මම උබට ආදරෙයි මනස්.."

" මමත් .."

" මම අඩන්න ද අන්ශ්?"

"එපා,මටත් ඇඩෙයි! ඊලගට අපි මුරණ්ඩු වෙලා අනිත් අයටත් ලොකු දුකක් දෙන්න වෙයි!"

"ඒ කියන්නේ අපි මේ සමාජෙට වයිර කරනවා.. එහෙමනේ? ඒක මහා අමුතු උනත් අපි අපිට ආදරෙයි හැමදාමත්.."

"මම උබට ආදරෙයි හැමදාම මනස්!"

"මම කෑ ගහන්න ද මේ ගාලු කොටුවටම ඇහෙන්න මට මාවම මරාගන්න ඕනි කියලා!, මම උබට පැලෙන්න ආදරෙයි ඒත් මේ සමාජෙ වගේම සංස්කෘතිය නිසා අපි වෙන් උනා කියලා! ඒත් කසාදේ කියන ලියකිවිල්ලකට සීමා වෙච්ච බැදීමක මම හිරවෙනවා වගේම උබ හිත පලාගන්න තරම් දුකින් ඉන්නවා කියලා...

මිනිස්සුන්ට ඒක ඇහෙනවද කියලවත් මට හිතෙන්නේ නෑ බං..."

"දැන් පාන්දර 3යි බං.! තාම මිනිස්සු නිදි ඇතිනේ.."
.
.
.
.
.
.

.

.
.

කදුලු , ආයෙත් වැටෙන්න පටන් ගත්තා.. මම හංගගන්න හදන්නේ ඇයි ?මම ඇඩුවා උබගේ ශර්ට් එක පෙගෙනකන්ම.. ඇයි උබ කදුලු හංගන්න ට්‍රයි කරාට මේ ඒකට වෙලාව නෙමෙයි.. මම හිතන්නේ මේක සම්පූර්ණ නැති කතාවක්, ඒත් කදුලු වලින් බොද වෙච්ච..

අන්තිම වතාවට අපි ආයෙත් හිනාවෙමු ද?ඉස්සර වගේම උබ ඇහුවා! ඒත් අපි ආපහු හම්බවෙන්නේ නෑ,අපි වෙන් වෙනව ද? හදවතත් ගල් වෙන්න කිට්ටුයි වගේ බං. මාව ගැහෙනවා.. මට ආයෙත් ඇඩෙනවා බං. අපි ආයෙත් අඩනවා...

𝙰𝚛𝚌𝚘𝚋𝚊𝚕𝚎𝚗𝚘 || (𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍)Where stories live. Discover now