" ජිනා ආන්ටි ආයෙත් ජියොන් අංකල්ගෙ ඇගේ එල්ලෙන්න අරගෙන.. අංකල්ට ඩ්‍රග් දීලා දවසක් අංකල් එක්ක බලෙන් ඉදලා.. ඊට පස්සේ ඒ දරුවා අංකල්ගෙ කියලා බය කරගෙන තියනවා... අංකල්ට කරන්න දෙයක් නැතුව ආන්ටිට සල්ලි දීලා.. ඒත් ජිනා ආන්ටිට ඒක නෙමේ ඕනෙ උනේ.. ජියොන් පව්ල... "

" ඉතින් මොකෝ උනේ.. "

       ටේහ්‍යුන් කකුලක් පිට කකුලක් දාගෙන ඔහාරා කියන දේවල් වලට හොදින් සවන් දුන්නා... මොකද ටේහ්‍යුන්‍ට බෑ ඕරා තවත් දුක් විදිනව බලන් ඉන්න... ඒ කෙල්ල මේ වෙනකන් විදපු හැම දුකක්ම ඉවර කරල දාන්න විතරයි ටේහ්‍යුන්ට ඕනෙ උනේ...

" මගෙ ඩැඩීගෙන් උදව් අරගෙන ආන්ටි ජිනා මිසිස් ජියොන්ව ආන්ටි ජිනා මැරුවා... "

      අවසාන ටික කියවගෙන යනකොට ඔහාරගෙ කටින් ලොකු ඉකියක් පිට උනා... ටේහ්‍යුන්ට කරන්න දෙයක් නෑ එයත් ලොකු හුස්මක් අරගෙන හැගීමක් නැති මූනකින් ඔහාරා දිහා බලන් හිටියා...

" ඉතින් ඔහාරා ඔයා ඒ හැම දේම දැනගෙන කට වහගෙන පැත්තකට වෙලා හිටපු එකත් වරදක් නෙමේද ?"

" ම්..මම දන්නවා.. ඒත් ඒ කාලෙ මම ජන්කුක්ට ආදරේ කලා... ජිනා ආන්ටි මට කීවා කට පියන් හිටියොත් ජන්කුක්ව මට මැරි කරවල දෙනව කියලා... ඒ වගේම මම දන්න විදියට ජේන්ට එදා ඩ්‍රග් එක දුන්නෙත් ජිනා ආන්ටිම තමා... මම දැනන් හිටියෙ නෑ ජන්කුක්ට මෙහෙම ලෙඩක් තියෙනව කියලත් ආන්ටි ජිනා මාව ඉත්තෙක් කරගෙන කියලත් "

            ඔහාරා බිම බලන් කීවා.. ඒත් ටේහ්‍යුන් කලේ බක බක ගාලා හයියෙන් හිනා උන එක විතරයි...  ඔහාරා අන්ද මන්ද වෙලා බලාගෙන හිටියේ ඇයි ටේහ්‍යුන් හිනා වෙන්නෙ කියලා...

" england වල ඉදන් සති දෙකකට කලින් ආපහු මෙහෙ ආව මම ආන්ටි ජිනා ගැන කිසිම දෙයක් නොදැන තමුන්ට මේවා කීවේ මේ හැම දෙයක්ම අහගන්න විතරයි මිස් ඔහාරා... දැන් බලමු අපි කොහොමද තමුනුයි තමුසෙගෙ ආන්ටියි බේරෙන්නෙ කියලා.."

" එ..එතකොට තමුසෙ මාව ඇන්දුවා.. ??"

" ඔව් ඔයා ඒක ලේසියෙන් ඇදගත්තා "

____________________

" ඕරා.. !"

" ඕරා... "

10000 Hours ✔Where stories live. Discover now