ජන්කුක්ගෙ රස්නෙ ඇග නිසා ඕරාට අපහසු උනත් කෙල්ල හෙලවෙන්නෙවත් නැතුව පැය තුනක් පුරාවටම ජන්කුක්ව තුරුල් කරගෙන හිටියේ සම වැදිලා වගේ කොල්ලගෙ දිහා බලාගෙන...

" ඔහ් මට සමාවෙන්න මට නින්ද ගියා.."

" ඒකට කමක් නෑ ජන්කුක් ඔහොම්මම ඉන්න මම මොනවහරි හදන් එන්නම්.. "

ඕරා ඉක්මනට එතනින් ගැලවිලා කිචන් එකට ඇවිත් මුලින්ම කලේ හොදට හුස්ම ගත්ත එක.. ඕරා කොච්චර ජන්කුක්ට වයිර කලත් ජන්කුක්ගෙ ඒ අහිංසක බනී ඇස් දකින් දකින වාරයක් ගානෙ ඕරගෙ හාට් එක සාමාන්‍ය ගානට වඩා වේගෙන් ගැහෙන්න ඇයි කියලා හිතාගන්න බැරි උනා...

________________

" හරි මට හැමදේම කියන්න.. මුල ඉදන්ම "

     ලිවින් රූම් එකේ සෝෆා එකේ මූනෙන් මූන බලාගෙන හිටිය ඔහාරයි ටේහ්‍යුනුයි අතර තිබුනේ තත්පර ගානක නිශ්ශබ්දතාවයක්... ඉස්සරහ තිබ්බ කෝපි කෝප්පෙන් උගුරක් බීව ඔහාරා ලොකු හුස්මක් පහල දැම්මා..

" එතකොට මම එච්චර ලොකු නෑ ඒ නිසා මට ඒව මතක නැති උනත් මේ හැමදේම මට දැනගන්න ලැබුනෙ පපා එක්ක ජිනා ආන්ටි කතා කරපුවගෙන්...
ඔය කියන විදියට ජිනා ආන්ටි කියන්නෙ මිස්ටර් ජියොන්ගෙ ස්කූල් කාලෙ ගර්ල්ෆ්‍රෙන්ඩ්.. ආන්ටි සාමාන්‍ය පව්ලක කෙනෙක් නිසා මිස්ටර් ජියොන්ලගෙ පව්ලෙන් කැමති වෙලා නෑ... කොහොම හරි මිස්ටර් ජියොන්ට එයාලගෙ ගෙදරින් ගෙනාව ප්‍රපෝසල් එකට මිස්ටර් ජියොන් කැමති වෙලා.. "

             ඔහාරා හුස්මක් පහල දැම්මා... ආයෙ පාරක් කෝපි උගුරක් බීව කෙල්ල හැමදේම මුල ඉදන් මතක් කරගන්න උත්සාහ කලා...

" ඉතින් ඒකට ආන්ටි ජිනා හිටියෙ ගොඩක් තරහින්... ආන්ටි සාමාන්‍ය පව්ලක කෙනෙක් නිසා ආන්ටිට ඕනෙ වෙලා තිබිල තියෙන්නෙ සල්ලිකාර පව්ලකින් කසාදයක් විතරයි... පස්සේ අවෘදු ගානක් ගෙවිල යනකොට ආන්ටි ජිනාට වෙන සල්ලිකාර පව්ලක් එක්ක වෙන එෆෙයා එකක් තිබිලා... ආන්ටිට දරුවෙක් ලැබෙන්න කියලා දැනගත්තට පස්සේ ඒ මනුස්සයා ආන්ටිව අතෑරල දාලා... "

        ඔහාරව වෙව්ලනවා.. මොකද තමනුත් මේවට සම්බන්දයි කියල හිතෙනකොට ඔහාරගෙ හිත තමන්ටම වද දුන්නා...

10000 Hours ✔Wo Geschichten leben. Entdecke jetzt