" මම නැති උනාම ඔයාට ටේහ්‍යුන් එක්ක තනියම ඉන්න පුලුවන්නේද ?"

" න්..නෑ.. ඔයා රෙස්ට් කරන්න.. "

      ඕරට දැනුනෙ අපහසුතාවයක්.. නෑ ඊටත් වඩා තමන් දැන් දෙන්නෙ මොන වගේ උත්තරයක්ද කියල හිතාගන්න බැරුව ගියා.. එකපැත්තකින් බලපුවාම ඒක ඇත්ත.. මොකද ටේහ්‍යුන් එක්ක තනියම ඉන්නකොට ඕරගෙ හිත නිකන්ම නිදහස් වෙනවා කියලා ඕරට තේරුනා..

       ජන්කුක්ගෙන් ඕරා තමන්ගෙ අත නිදහස් කරගෙන කාමරෙන් එලියට ඇවිත් කිචන් එකට ගියා.. ෆ්‍රිජ් එක ඇරලා සීතල වතුර වීදුරුවක් අරගෙන ඕරා එක පිම්මට ඒක බීගෙන බීගෙන ගියේ ඇයි කියලා ඕරටවත් හිතාගන්න බෑ.. ඕරා වේගෙන් හුස්ම ගන්නවා...

" නෑ.. ඕරා ඔයාට බෑ ඒක කරන්න.. "

       වේගෙන් පපුවට ගහගන්න ගමන් ඕරා ඔලුව දෙපැත්තට වනන ගමන් වේගෙන් හුස්ම ගනිමින් කියවගෙන ගියා... රාමෙන් පැකට් එකක් ගත්ත කෙල්ල ඒක ඉක්මනට හදන්න ගත්තා.. ජන්කුක්ට සුප් එක හැදුවට තමන් තාම කාල නෑ කියලා කෙල්ලට දැනුනෙ බඩ කෑගහනව ඇහිලා...

" ඕරා.. මම යනවා ඔයා ජන්කුක් එක්ක ඉන්න... ඇත්තටම මට සමාවෙන්න..ඒ වගේම එයාව හොදට බලාගන්න.. ඉස්සරහට ඔයාලට සාදාරයනක් ඉශ්ට වෙයි කියල මම හිතනවා.."

" ඔහාරා ? ඇයි මේ ?"

" ඕරා මමයි වැරැද්ද කලේ අනුන්ගෙ පව්ල් කඩන්න මට ඕනෙ නෑ... ඇත්තටම මට සමාවෙන්න... ඔයයි ජන්කුක් දෙන්න සතුටින් ඉන්න.. "

      ඔහාරා , ඕරගෙ උරහිසට තට්ටුවක් දාලා සූට් කේස් එකත් අරගෙන ගෙදරින් එලියට යනකොට ඕරා කිසිම දෙයක් හිතාගන්න බැරුව බලන් හිටියා... ඕරා ගේට් එකත් වහගෙන පාර දිගේ ඇවිදගෙන යන දිහා ඕරා බලන් හිටියෙ මොකක්ද ඒ උනේ කියල හිතාගන්න බැරුව...

' ගුඩ් ලක් ඕරා.. ජන්කුක් එක්ක ඉන්න සතුටින් '

      ටේහ්‍යුන්ගෙන් ආව මැසේජ් එක දැකලා ඕරට කිසිම දෙයක් හිතාගන්න බැරුව ගියා.. එතකොට ඔහාරට එහෙම දෙයක් කියලා එයාගෙ හිත වෙනස් කලේ ටේහ්‍යුන්ද කියලත් ඕරට හිතුනා.. ඒත් ඕරගෙ හිත කොනකින් සතුටු වෙනකොට අනිත් පැත්තෙන් කෙල්ල දුක් උනා..

10000 Hours ✔Where stories live. Discover now