" මෙන්න වතුර එක.. එයාගෙ මූන ටිකක් හෝදන්න මම එලියට යන්නම්.."

        ටේහ්‍යුන් වතුර වීදුරුවක් තියලා එලියට ගියේ ඕරාකුක් දෙන්නව කැබින් එකෙ තනිකරලා දාලා... වතුර එකක් අරගෙන කැබින් එකට එන්න ගිය ඔහාරව අතින් ඇදලා එලියෙන් නවත්ත ගත්ත ටේහ්‍යුන් ඔහාරට කැබින් එකට යන්න දුන්නෙ නෑ..

" සොරි ඔහාරා ඔයාට මෙක කියන්න උනාට.. ජන්කුක්ට ලෙඩක් "

" වට් ??"

" ම්ම්ම් එයාට මේක ඉස්සර ඉදන් තිබ්බා.. ජියොන් අංකල් කම්පැනි එක ටික ටික මට බාරගන්න කීවෙ එයාගෙ ජීවිතේ ගැන විශ්වාස නැති නිසා.. මම කැමති නෑ කෙල්ලෙක්ගෙ ජීවිතයක් අපායක් වෙනව දකින්න... මිසිස් ජියොන් ජන්කුක්ව ඔයාට ලං කරන්න හදන්නෙත් ඒකයි එයා මැරුනම කම්පැනි එක එයාගෙ නමට ලියාගන්න"

" වට්ද හෙල් එතකොට හැමෝම මට බොරු කලාද ? ශිට්... ඔය ගෑනිව මම ඉතුරු කරන්නෙ නෑ... මිසිස් ජියොන්ව මරාගෙන ගේ අස්සට රිංගල දැන් මාවත් තුරුම්බුවක් කරගෙන... "

         ඔහාරා කේන්තියෙන් කියන ගමන් කොරිඩෝව දිගේ කිය කිය යනකොට ටේහ්‍යුන් ඔහාරා දිහා අමුතු විදියකට බලන් හිටියා... මොකක්ද ඒ මිසිස් ජියොන්ව මරපු සීන් එක.. ටේහ්‍යුන්ට ඕනෙ උනේ ඒක දැනගන්න...

________________

" ම්..මේක බොන්න  "

            ටේබල් එකෙන් ටිකක් නිවුන සුප් එකක් ගෙනත් ඕරා තිබ්බා.. ටේහ්‍යුන්ගෙ උදව්වෙන් ජන්කුක්ව ගෙදර එක්ක ආවට පස්සේ ඩොක්ටර් කෙනෙක්ව හම්බෙන්න යන් කීවත් ජන්කුක් ඒකට කැමති උනේ නෑ..

        ඕරා ජන්කුක්ගෙ තෙත මාත්තු කරලා කොල්ලව ඇදෙන් හාන්සි කරල රෙස්ට් කරන්න දුන්නා... ඕරට හිතාගන්න බෑ කවදාවත් නැතුව ජන්කුක්ට මෙහෙම උනේ ඇයි කියලා...

" හෙට ඔෆිස් යන්න එපා ගෙදරට වෙලා රෙස්ට් කරන්න ඔහාරත් ඉන්නවනෙ.. මම ටේහ්‍යුන් එක්ක ඔෆිස් එක බලාගන්නම්.. "
 
        ඕරා ජන්කුක්ගෙ නලල උඩ තිබ්බ තෙත ටවල් එක අයින් කරලා බෙහෙත් ටිකත් හදලා ටේබල් එක උඩින් තියලා යන්න හදනකොට ජන්කුක් , ඕරගෙ අතින් අල්ලගත්තා... දන්න කාලෙක කවදාවත් එහෙම ජන්කුක් ඕරගෙ අතින් අල්ලගෙන නෑ... ජන්කුක් බාගෙට පිය උනු ඇස් දෙකකින් ඕරා දිහා බලාගෙන ඉන්නවා..

10000 Hours ✔Unde poveștirile trăiesc. Descoperă acum