දහතුන්වන වෙළුම

15 2 1
                                    

දිනකර අහස්කුස සිපගැනීමටත් ප්‍රථමයෙන් චන්ද්‍ර නගරය කරා පිටත් වන පිරිස හසු පිට නැග ගමන් ආරම්භ කිරීමට සැරසිණි.
කාල වස්ත්‍ර හැදි ආගන්තුකයක් එ පිරිස දෙසට සෙවණළි ක්‍රීඩාවේ යෙදෙමින් පැමිණේ.

"දෙව්නා ඔබ කුමක්ද මෙහි සිදුකරන්නේ

මාද ඔබලා සමග පැමිණෙනවා

එය කළ නොහැකි, අප යන්නේ ස්ත්‍රියකට නුසුදුසු ගමන්ක් එසේම පුරුශයන් සතරක් සමග ඔබට යාම නොහොබී

ඒ පිළිබදව මා හටද සිහිනොවූවා මේඝ නමුදු ඈ අපහා පැමිණීය යුතුයි

එසේයි විභීෂ අයියණ්ඩි පෙරදා රාත්‍රියේ පණිවිඩයක් ලැබුනා අක්කණ්ඩිය ගැබ්ගෙන ඇති වග

එසේ නම් අප හට ඔවුන්වෙත පිළිවදන් තැබිය හැකි දැන්

එසේයි අයියණ්ඩි

එසේනම් අප පිටත්වමු පමානොවී"

දෙව්නාවන් ,විභීෂ ,මේඝධර ,භද්‍ර සහ විජ්‍රා මෙම ගමනට සහභාගී විය. මනුදු මේඝධරයො නම් දෙව්නා ඔවුන් හා පැමිණීම කිසි ලෙසකවත් අනුමත නොකලහ. සියලු දෙනා දිවා භෝජන ලබාගැනීම සදහා සුන්දරපූර්හි තානායමට ගොඩවැදුනි එතැන් සිට චන්ද්‍ර මාලිගයට ඇත්තේ ගවු දෙකක් පමණ් දුරක්‍ ය. මේඝධර පැවසූ ලෙසින් දෙව්නාවන් නිසා ගමන් ප්‍රමාදවීමක් කිසිලෙසකවත් සිදු නොවිනි. ඈ අසු පැදවීමේ විෂයෙහි විභීෂ හා මේඝයන්වත් වඩා නිපුණතාවක් දැක්වූ හ. දිවා ආහාරය සදහා ඇල් හාලේ බත් සමග ගිතෙලින් පිසූ මොණර මාංශ නෙළුම් දඩු ද ගෙන අතුරුපස සදහා තිලසංගුලිකා අනුභව කළහ. සොළොස් ගවුවක් ගෙවා පැමිණ විඩා සංසිදුවාගත් පසු සියල්ලන්ම නැවතත් චන්ද්‍ර මාලිගය කරා නික්මිනි.

" ඔබ සියලු දෙනාම පැමිණිලා

එසේයි රජතුමනි

ඔබ සියලු දෙනාව පිළිගන්නවා චන්ද්‍ර මාලිගයට"

ඒ ස්වරයේ කිසිදු මිත්‍රශීලී ස්වරූපයක් නොවූවද ඔවුන්ට නැවත ආපසු හැරීමක් නොවීය. මේ හුදෙක් මරුමුඛයට ආ ගමනක් වැනි නමුදු නිකිණියන්ට මෙහි කිසිදු අනතුරක් නොවනු ඇතැයි ඔවුන් සිතී ය.

"මේඝ ඔබටත් විභීෂටත් පැවසීමට යමක් තිබේ මා හට, නැගණි ඔබ අක්කණ්ඩිය හමුවීමට යන්න ඈ බලා සිටියා ඔබ පැමිණෙනතෙක්"

සදනිකිණිWhere stories live. Discover now