අවසානය 😪

Start from the beginning
                                    

"හ්....හ්‍යුන්ග්........නූනා හැමදාම මෙහෙමද?" ජිමින් කදුලු පුරවන් අහද්දි නම්ජූන් රූහිව තවත් පපුවට ලං කරගෙන ඔලුව වැනුවා.

"දැන් මාසෙක ඉදලා මෙහෙමයි.හරියට එක දවසක් නිදාගෙන නෑ .නිදාගන්න ටිකටත් මම ලගම ඉන්න ඕන.නැත්නම් ඇස් දෙක පියාගන්නෙත් නෑ ." නම්ජූන් ලොකු හුස්මක් පිට කරලා කියද්දි හැමෝම රූහි දිහා බැලුවේ අනුකම්පාවෙන් .ඔව්, අනුකම්පාවෙන් .

"ලොකූ ,පොඩී එක්ක අක්කාගේ බඩු ටික අරගෙන ගෙදර එන්න පුලුවන්ද ?.හොබා අපි දෙන්නව ගෙදර ගිහින් දානවද? දැන් මම ඈත්වුනොත් ආයෙමත් රූ ඇහැරෙනවා.කෙල්ලට මහන්සි බන්.නින්දක් නැතුව." නම්ජූන් හෝසෝක්ගෙන් ඉල්ලද්දි හෝසෝක් හිනාවෙලා යමු කිව්වා.

නම්ජූන් රූහිවත් වඩාගෙන එලියට ගියා.ඔව්,පැපරාසි සමහරවිට 4toගහන්න ඇති.හෙට දවසේ hot topic එක මේක වේවි ඒත් මේ වෙලාවේ ඒ කිසිම දෙයක් නම්ජූන්ට වැදගත්වුනේ නෑ .

නම්ජූන්ට මේ වෙලාවේ වැදගත්වුන එකම දේ එයාගේ ආදරණීය wifeගේ සැනසීම.කොල්ලාට අහන්න තිබුනා රූහිගෙන් ඇයි අඩන්නේ කියලා ඒත් නම්ජූන් එහෙම කලේ නෑ .මොකද නම්ජූන් දන්නවා ඒ දේ රූහිව ආයේ ආයේ මහන්සි කරවනවා කියලා.ඒ නිසයි වචනයක්වත් නොකියා ඒ පපුවට තුරුල් කරගත්තේ.මොකද නම්ජූන් දන්නවා රූහි හොයන්නේ ඒ ආරක්ශාව බව.

ගෙදර ආපු නම්ජූන් රූහිවත් වඩාගෙන කාමරේට ගිහින් නිදිය ගත්තේ හැමදේම මෙතනින් ඉවර වෙන්න කියලා ප්‍රාර්ථනා කරලා.

උදෙන්ම නැගිටපු නම්ජූන් හිමින් එහා පැත්තට හැරුනේ රූහි දිහා බලන්න වුනත් රූහි එතන හිටියේ නෑ .

නම්ජූන් කලබලෙන් නැගිටලා බලද්දි දැක්කේ රූහි කාමරේ ලොකු වීදුරුව ළඟ බිම වාඩිවෙලා  එලිය බලාගෙන ඉන්නවා.

නම්ජූන් හිමින් එතනට ඇවිදන් ගිහින් රූහිව නම්ජූන්ගේ කකුල් අතරට මැදිවෙන්න වාඩිවෙලා රූහිගේ ඉන වටේ අත යැව්වා.

"උදෙන්ම ඇයි මැණික ?" නම්ජූන් රූහිගේ උරහිස උඩ ඔලුව තියාගෙන අහුවා.

"හ්ම්.....ඔයාට බඩගිනිනේ, ඊයෙත් කෑවේ නෑනේ.මම ඉව්වා wash එකක් දාගෙන එන්න කන්න." රූහි නම්ජූන්ගේ අත් දෙක අල්ලගෙන අමාරුවෙන් හිනාවක් මවාගෙන කිව්වා.

The Gift Of Love (Mr.perfect 2 After Marriage )Where stories live. Discover now