☠️ Chapter 4 ☠️

57 15 10
                                    


" ආ....... හ්යුන්.. "

රොකි ගෙ ඒ කෑගැහිල්ලත් එක්ක හැමෝම කලබල වෙලා කුස්සිය පැත්තට දුවගෙන ගියා.එත් එහෙ කොහෙවත් රොකි පේන්න නෑ.

"රොකි.... රොකි කො ඔයා "

හමෝම හැමතැනම විපරම් කරලා බැලුවා. එත් මේ කොල්ලා නෑ.

" අනේ අනේ මට‍ යන්න දෙන්න "

" කව්ද එ කතා කරේ "ඒ සද්දේ ඇහුනේ සන්හාට.
ඒ පැත්තට හැමෝම ගියා. කට්ටිය දැක්කේ දොර පිටිපස්සේ ගුලි වෙලා ඉන්න රොකිව. එයා කකුල දෙක අස්සේ ඔළුව ඔබාගෙන අඩනවා.

" මල්ලි මල්ලි මොකෝ උනේ " ජින්ජින් ඉක්මනට එයා ලගට ගිහින් රොකිව තුරුලු කර ගත්තා. කට්ටියටම හිතාගන්න බැ මොකද උනේ කියලා. රොකි තවමත් ගැහෙනවා. හිමිට රොකිව නැගිට්ටවලා කාමරේට එක්ක ගියා.

"රොකි මොකද උනේ. දැන් වත් කියන්නකෝ " එම්ජේ එයා ලගින් ඉදගෙන ඇහුවා.

" මන් මන්. කුස්සියට ගිහින් පිගාන හොදද්දී අමුතු දෙයක් දැනුනා. කව්රු හරි මගේ ලග කව්රු හරි ඉන්නවා වගේ.
එත් එක්කම මන් මගේ එහා පැත්ත බැලුවා.......

මන් මන් දැක්කා..... අනේ මොකද්ද ඒ ඇත්තටම.
සුදු චායාවක්... ඔව් ඔව් කව්රු හරි වෙන්න ඕනි ඒ.
සුදු චායාවක් එතනින් ගියා. එත් එක්කම එහා පැත්තේ තිබ්බ කෝප්ප පේලියම බිමට එක පෙලට වැටිගෙන ගියා..
මට‍ බයයි හ්යුන් "  රොකි තව අඩනවා.

"මොකද දෙය්යනේ  මේ පොඩි උන් දෙන්නට වෙලා තියෙන්නේ
දෙන්නම ඒක ඒක ඒවා කියනවා මෙහාට ආවට පස්සේ.
අනිවාර්යෙන් මොකක් හරි ප්ලැන් එකක් ද දන්නේ නෑ මේ දෙන්නගෙ. ඉස්සෙල්ලම සන්හා වැවක මගුලක් කිව්වා. දැන් මෙයා " ජින්ජින් හිතුවා.

" විදුරු කෝප්ප වැටුනා කිව්වා නේද? අපි දැක්කේ නෑ නේ එතන විදුරු කටු තියෙනවා " ඉයුන් වු ගේ ඒ කතාවත් හරි
විදුරු කැඩුනා නම් කටු තියෙන්න එපැයි නේ.

" මන් කියන්නේ ඇත්ත "

" ඒනම යන් බලන්න විදුරු කටු "

හැමෝම ආයෙත් කුස්සියට ගියා කැඩුනු විදුරු බලන්න.
එත් එතන එම උන වග පේන්න වත් නෑ. රොකි පුදුමයෙන්.

☠️ Dark Heart ☠️ Completed ☠️Where stories live. Discover now