☠️ Chapter 1 ☠️

118 19 7
                                    

"සන්හා, ඒම්ජේ හියුන් ට එන්න කියන්න. කාලෙකින්නේ කට්ටියම එකතු වෙලා කෑම කන්නේ." ඉයුන් වු කෑම මේසේ හදන ගමන් සන්හාට කිව්වා.

ඉයුන් වු ගෙ ඒ අණ කිරීමත් එකක් සාලෙට වෙලා ගේම් ගගහ හිටපු සන්හා නැගිටලා උඩ තට්ටුවට ගියා. ඒම්ජේ කාලෙකින් ගෙදර ආවේ. ඒ නිසා අද සහෝදරයෝ හය දෙනාම සතුටු දවසක්.

ඒම්ජේ, සම්පුර්ණ නම kim myung jun උනාට එයා අනිත් පස් දෙනාගෙ එම්ජේ. ඔහුගේ අව්රුදු ඒක හමාරක අනිවාර්ය යුද පුහුණුව නිම කරලා අද එයාගේ සහෝදරයෝ ලගට ආවා.ඒ වගේම කාත් කව්රුත් නැති අනාථයෙක්. කුඩා කාලයේ ඔහුගේ මව මියගියාත් සමගම ඔහුගේ පියා දෙවෙනි විවාහය කර ගත්තා.එය්න් සිදුඋන අඩත්තේට්ටම් ඉවසිමට නොහැකි වු නිසා ඔහු තීරණය කලේ ගෙදරින් පැනලා යන්න. ඔහු කුඩා කල සිට හැදි වැඩුනේ ළමා නිවාසෙක. ළමා නිවාසේ සිට හොදින් අද්‍යාපනය ලබා දැන් ඔහු වුර්තියෙන් වෛදයවරයෙක්. අව්රුදු දහඅට සම්පුර්ණ වු නිසා ඔහුට ළමා නිවාසයෙන් යා යුතුව තිබුනා. ඉගෙන ගැනීමට මුදල් අවශ්‍ය වීම නිසා පොහොසත් ගෙවල් වල වැඩට ගියා. ඒ යනකොට ඔහුට ඉයුන්වු ව මුණ ගැහුනා. දැන් ඔහු සතුටින් සහෝදරයෝ පස් දෙනාත් එකක් කාලය ගෙවනවා.

ජින්ජින්, සම්පුර්ණ නම Park jin woo උනාට එයා අනිත් අයගේ ජින්ජින්. දකුණු කොරියාවේ සෞඛ්‍ය ඇමතිවරයා ගෙ වැඩිමහල් පුතා. පවුලත් සමග සිදුවු ආරවුල් නිසාත්, තම පියාගෙ දේශපාලන ජිවිතයට අකමැති වු නිසාත් තම සහෝදරයාත් සමග පවුලෙන් වෙන්වී ජීවත් වෙනවා. දැන් ඔහුට අලුත් පවුලක් තියෙනවා. සහෝදරයෝ හය දෙනෙක්ගෙන් යුත් පුංචි පවුලක්. කුඩා කාලයේදීම තම සීයාගෙන් උරුම වු Zinha වෙළද සංකීර්ණයෙ වත්මන් අය්තිකරු ඔහු.

ඉයුන්වු, සැබෑ නම Lee dong min උවත් ඔහු ප්‍රසිද්ද වුයේ චා ඉයුන්වු යන නමිනි. දකුණු කොරියාවේ ආරක්ෂක ඇමතිවරයාගෙ වැඩිමල් පුතා. ජින්ජින් ගෙ කුඩා කල සිටම මිතුරා. ඔහුත් තම පියා ගෙ දේශපාලන ජිවිතයට අකමැති වු නිසා පවුලේන් වෙන්වී තම සහෝදරයාත් සමග පැමිණියා. පවුලත් සමග තිබුනේ දුරකථන මාර්ගයෙන් තිබු බැදීමක් පමණයි. වුර්තියෙන් ඔහු නීති විශාරදවරයෙක්.

බින්, සම්පුර්ණ නම Moon bin. හැමෝගෙනම puppycat එයා. ඒම්ජේ ගෙ කුඩා කල සිටම හොදම යාලුවා. දෙදෙනාම ළමා නිවාසයේ හැදුනේ එකට. බින් කියන්නේ වයස මාස දෙකක්‌ යන්නත් කලින් ළමා නිවාසයේ දොර ළග දාලා ගිය පුංචි කොල්ලෙක්. ඒම්ජේ තමාට වඩා වැඩිමහල් උනත් බින් ට අව්රුදු පහේ ඉදන්ම දෙන්නම එකට කාලය ගත කලා. වුර්තියෙන් ඔහු පිහිනුම් ගුරුවරයෙක්. ඒම්ජේ ගෙ මාර්ගයෙන් මේ පුංචි පවුලට එකතු උනා.

රොකි, සම්පුර්ණ නම Park min hyuk. ජින් ජින් ගෙ පොඩි මල්ලි. තම වැඩිමහල් සහෝදරයාත් සමග මේ පුංචි පවුලට එකතුඋනා. වුර්තියෙන් ඔහු නර්තන අද්යක්ෂකවරයෙක්. තම සහෝදරයා පවුලත් සමග තරහින් හිටියත් රොකිට පවුලත් සමග දුරකථන මාර්ගයෙන් සබදතා තිබුනා. එයට හේතුව ඔහු පවුලේ බාලයා නිසා විය හැකියි.

සන්හා, සම්පුර්ණ නම Yoon san ha. නැත්නම් Lee san ha. ඉයුන්වු ගෙ පිය Mr, Lee ළමා නිවසෙකින් හදාවඩා ගන්න ගත්ත ළමයෙක්. එතෙන් පටන් ඔහු Lee san ha උනා. පෞද්ගලික විශ්වවිද්‍යාලයක අවසන් වසරේ ව්‍යාපාර පිළිබද උපාදියක් හදාරනවා. අනිත් පස් දෙනාගේම හුරතලා සන්හා තමයි.

ඒම්ජේට කතා කරන්න උඩට ගිය සන්හා දැක්කේ අන්දකාරයෙන් පිරුණු මහලක් පමණයි. ඒම්ජේ ගෙ කාමරය ළග තිබුන බල්බය පමණක් නිවී නිවී පත්තු වෙනවා. ඔහු හිමින් හිමින් ඉස්සරහට අඩිය තිබ්බා. ඔහුට බයක් නොහිතුනාම නෙවෙයි. සන්හා ට දැනුනේ තනි කමක්.

"ඒම්ජේ හියුන් " සන්හා කතා කලා.

එත් එතන ඇහුනේ සන්හා ගෙ කටහඩ විතරයි. ඒම්ජේ ගෙන් ප්‍රතිචාරයක් නෑ. එසැනින්ම ඔහුට ඇහුනේ හෙමින් හෙමින් ඇරෙන දොරක හඩක් විතරයි. සන්හා නැවතුනා.එයා හොදටම බය වෙලා ඉන්නේ. සන්හා කියන්නේ ගොඩක් සංවේදී කෙනෙක්. එයාගේ ඇගට වතුර හලලා වගේ දාඩිය. එ ඇරුන දොරින් ආපු අතක් සන්හාව ඇදල ඇතුලට ගත්තා. සන්හාට පුළුවන් උනේ එක පාරක් " හියුන් " කියලා කැගහන්න විතරයි.

_____________________

☠️ මීලග කොටසට ☠️



☠️ Dark Heart ☠️ Completed ☠️On viuen les histories. Descobreix ara