☠️ Chapter 3 ☠️

36 14 4
                                    


" මේ ලේ "

සන්හා එතන ඉදගද්දී තිබ්බේ නෙලුම් මල් පිපිලා තියෙන, මාළුවෝ උඩ පැන පැන පීනන නිල් වතුර තියන වැවක්‌ එත් දැන් තියෙන්නේ ලේ විලක්‌. සන්හා එයාගේ ඇස් දෙක පොඩි කරලා ආයෙත් වැව දිහා බැලුවා එත් එයාට දකින්න ලැබුනේ එකම දෙයයි ඒ ලේ වැව.

සන්හා පස්ස නොබලා දිව්වා. ගිහින් හැප්පුනේ දොර ළග හිටපු ජින්ජින් ගෙ ඇගේ...

"මොකද සන්හා මේ හොල්මනක්‌ දැක්කා වගේ. කඩාගෙන බිදගෙන එන්නෙ "

" හො හො හොල්මනක්‌. අනේ හ්යුන් අර අර අර...."

" මොකද්ද අර අර "

" අර වැවේ වතුර නෙවෙයි ලේ තියෙන්නේ "

" මොකා.. පිස්සුද හැටිද. උන ද සන් හා "

" අනේ හ්යුන් මං ඇත්තටම කියන්නේ " සන්හා ගෙ මුළු මුණේන්ම දාඩිය බෙරෙනව. එයා ඉන්නේ ජින්ජින් ගෙ ඇගේ එල්ලිලා.

"අනේ මට‍ බයයි හ්යුන් "

" අබේ මන්ද එන්ඩකො බලන්න. යනකොට සන්හා වැව ලගට "

" බැ බැ බයයි "

" නෑ නෑ එන්ඩ කො මං ඉන්නවා නේ බය වෙන්ඩ එපා "

ජින්ජින් සන්හා ගෙ අතිනුත් අල්ලාගෙන එතනට වත්තත් පහු කරලා ගියා. සන් හා හිටියේ ජින්ජින් ගෙ පිටිපස්සේ.

" මොකද්ද ඔයා කියන්නේ ආ. මොන ලේ ද. කො පෙන්නන්න

" ඇයි මේ වැවේ මේ "   සන්හා හෙමින්  ඉස්සරහට ඇවිත් පෙන්නුවා.

" කො දැන් මේ ඉස්සෙල්ල.... ඔව් තිබ්බා හ්යුන් මේ මුළු වැවේ ම තිබ්බා "

" සන්හා මං දැනුත් කියනවා ඔය වීඩියෝ ගේම් ගහන ඒක නවත්තනවා හරිද. ඔවා නිසා තමයි මේ මනස්ගාත හිතෙන්නේ " ජින්ජින් සන්හා අල්ලන් හිටපු අත අය්න් කරලා. බැන බැන ම එතනින් ගියා. " මේ ගේම් හදන උන්ටයි බනින්න ඕනි. මේ පොඩි එවුන්ට නෙවෙයි " ජින්ජින් ට හොදටම කේන්ති ගිහින් හිටියේ.

" අනේ මන්ද මන් දැක්කා නේ වැවේ ලේ ගොඩ, හීනයක් දකින්න ඇති. සැක් ජින්ජින් හ්යුන් අද රෑ වෙනකම් බනි දැන්.
මේ අප්පාගෙ බංගලාවට ආවට පස්සේ අමුතු දේවල් අප්පා මට පේන්නේ " සන් හා එම කියලා යන්න හැරුනා.

☠️ Dark Heart ☠️ Completed ☠️Where stories live. Discover now