Part-2

1.1K 206 73
                                    

මෙය මාගෙ මනංකල්පිතයක් බැවින් සැබෑ ජීවිතයේ ජීවත් වන්නන් හා සම්බන්ධ කර නොගන්න





🐺2-Chapter🐺






"රජතුමණි,රැජිණියනි අපිට කමා කරන්න..මගේ පුතා හිතල නෙමෙයි ඒ වගේ දෙයක් කරේ..කමා කරන්න.."

"ඒකට කමක් නෑ fei..මේක තරගයක්..දක්ශතාවය මත තමයි ජයග්‍රාහීත්වය රැදිල තියෙන්නේ.."

"කෘතඥ වෙනවා රජතුමණි..."

"ඒ ඔබේ දෙවන පුත්‍රයාද.."

"එසේයි රැජිනියනි.."

"ඔහු බොහොම දක්ශයි..මට සතුටුයි මගේ පුතාට අභියෝග කරන්න පුලුවන් තරගකරුවෙක් ඉන්න එක ගැන.."

ඒකනෙ ඒකනේ කියන්නේ..මේ ගෙදර කාටවත් තේරුනයෑ මේ ඉන්න අහිංසක කොල්ල මෙච්චර දක්ශයෙක් කියල මං අහන්නේ..

"එය අපිට ගෞරවයක් රැජිනියනි.."

දැක්කනේ ඉතින්..දැන් පියාණන්ට තේරෙයි මගෙ අගේ..මෝඩ shun බොට හුලන් තමයි..දැක්කනෙ මං පියානන්ට ගෞරවයක්ලු..

"ඔහු කොහෙද...අපි කැමතියි ඔහුව මුණ ගැහෙන්න.."

"කමා කරන්න රජතුමණි..ඔහු තවම පැමිනියේ නෑ.."

මං නන් ඉන්නවා..ඒත් එලියට එන්න බෑ..ආවොත් කන්න වෙනවා..

"ම්ම් ඒකට කමක් නෑ..අපිට මාසයක වගේ කාලයකට සංචාරයක් සදහා යන්න වෙලා තියෙනවා සුලු මොහොතකින්..අප ආ පසුව ඔහුව මුණ ගැහෙන්නම්.."

"එසේයි රජතුමණි.."

"සැරදේවා රජතුමණි සැරදේවා රැජිනියනි..."

සැරදේවා සැරදේවා තමයි..මටත් දැන් සැරදෙන්න තමයි වෙන්නේ..ඇයි දෙයියෝ මට නොකිව්වේ ඒ ඉන්නේ ඇල්ෆා කියල..අර මෝඩ shun මගේ නම්බුව කෑවා..ඇයි අනේ අත් දෙක වන වන හිටපු වෙලේ කටක් ඇරල කිව්ව නම් ගහන්න එපා කියල මං ගහනවද..නෑනෙ නෑනේ නෑනේ..
මගේ මංගල සිහිනෙ දැන්ම බොද වෙන්නයි යන්නේ....මට සමාවෙන්න වාසනාවන්තියේ ඔයාගේ හිමිකාරයට බාල්දියක් පෙරලිලා තියෙන්නේ..හුම්...

මං මාලිගාවට එනකොට රැජිනත් රජතුමත් අපේ මාලිගාවට ඇවිත් තිබුනා..එක පාරටම කඩා වැදුනොත් අම්බානෙට කන්න වෙයි කියන බයටම මං මාලිගාව පිටිපස්සට ගිහින් ජනේලෙකින් හොම්බ දාගෙන අහන් හිටියේ වුනු දේ ගැන...හුම්..හරි නම් පියානන් සතුටු වෙන්න ඕනේ මං වගේ කඩවසම් අහිංසක පුතෙක් ලැබුනු එකට..හැමෝටම මෙහෙම වාසනව නෑ හුම්..දැක්කනෙ රජතුමා මං ගැන කරපු වර්ණනාව..ගිහින් ඇවිත් මේ අහිංසක මාව බලන්නත් එනවලු..බැයිද දන් නෑ මාවත් එක්කන් යන්න..දැන් කොහොමත් මාව පියානන්ට අහු උනාම මගේ ඔමෙගට වෙන මේට් කෙනෙක් හොයා ගන්න වෙනව හුම්..😣

The Unwritten Fate (yizhan)Where stories live. Discover now